නව ආණ්ඩුවේ නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම සහ වත්මන් ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පැවැත්වීමට නියමිතය.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද උදෑසන එය සිදුකෙරේ.
එමෙන්ම අමාත්‍යවරුන් දිවුරුම්දීමෙන් අනතුරුව ඒ ඒ අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි ප්රදානය ද අද සිදු කිරිමට නියමිතයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේදි අද පෙරවරුවේ කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතයි.