අලුත් නැවෙත් ගෑස් අවුල්

Picture of Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න

ලිට්‍රෝ සමාගමට ගෑස් තොගයක් රැගෙන ආ නෞකාවේ ඇති ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.

ගෑස් කාන්දුවකදී ගඳ වහනය වීමට යොදන ”එතිල් මකැප්ටාන්” රසායනිකය මෙම ගෑස් තොගයේ නියමිත ප්‍රමිතියට නොමැති බවට අනාවරණ වී ඇත.

මෙම ගෑස් නෞකාව ශ්‍රී ලංකාවට පැමිණ අදට දින 05 ක් වේ.  මෙම ගෑස් නෞකාවේ ඇති ගෑස්වල සාම්පල පරීක්ෂාවේදී හෙළිවී ඇත්තේ එම ගෑස් සාම්පලවල ”ප්‍රොපේන් සහ බියුටේන්” සංයුතිය නියමිත ප්‍රමිතියෙන් යුක්ත බවට ය.

එහෙත් ගෑස්වල ගඳ සුවඳ හඳුනාගැනීමට යොදන ”එතිල් මකැප්ටාන්” සංයුතිය සම්බන්ධයෙන් ගැටලු පවතින බවට වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ඊයේ (14) පස්වරුවේ රැස්වූ තාක්ෂණික කමිටුවටද දැනුම්දීමට නියමිත තිබුණි. මෙම ගෑස් ගොඩබෑම සිදුකරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී තීරණය කරනු ඇති.