නවතම පුවත්

අලුතෙන්ම ආ දුම්රිය එන්ජින් එක්ක වැඩකරන පරණ අයගේ තත්ත්වය මෙන්න

අසංක

අසංක

මෙරට තුළ අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ද ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කොට ඇති දුම්රිය සේවාව තවත් පුළුල් කිරීම උදෙසා ආනයනය කරනු ලැබූ නව බලවේග කට්ටල පිළිබද මේ දිනවල සමාජය තුළ වෙනදාට වඩා වැඩි අවධානයක් යොමුව ඇතැයි දකින්නට තිබේ.

නව දුම්රිය බලවේග කට්ටල ධාවනයට එක්කිරීමට පෙර මෙරට තුළ දුම්රිය කෙතරම් සංඛ්‍යාවක් ධාවනයේ යොදවා ඇත්ද යන්න විමසා බැලීම වටී.

දැනට මෙරට තුළ පවතින දුම්රිය එන්ජින්වලින් 65%ක් පමණ වසර 30ක් ඉක්මවූ ඒවා ය.

ඒ අනුව නව දුම්රිය කට්ටල ධාවනයේ යෙදවීමෙන් පහත දක්වා ඇති දත්තවලට එකතු වූ අගයකින් මේ වසර අවසානයේදී දුම්රිය සේවාව තවත් පුළුල් වනු ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුවේ දත්ත විමසා බැලීමේදී පසුගිය වසර අවසානය වනවිට මෙරට තුළ ධාවනයේ යොදවා තිබූ දුම්රිය ඇණිය පහත දැක්වේ.

ඉහත වගුවෙහි දැක්වෙන්නේ මෙරට තුළ පවතින සියලුම දුම්රිය කට්ටලවල එකතුව නොවේ. මෙරට පවතින දුම්රිය කට්ටලවලින් පසුගිය වසර අවසානය වනවිට ධාවනයේ යොදවා ඇති දුම්රිය පිළිබද පමණි.

වරින් වර අලුත් දුම්රිය කට්ටල ආනයනය කොට සේවයට යෙදූවද දුම්රිය දෙපාර්තමේන්තුව තුළ දැනට පවතින භාවිතයේ නොමැති එහෙත් භාවිතයට ගත හැකි පැරණි දුම්රිය කට්ටල අලුත්වැඩියා කිරීම හා නඩත්තු කිරීම නිරන්තරයෙන් සිදුවේ.

එලෙස නැවත ධාවනයට යෙදවීම සදහා පසුගිය වසර පුරාම සිදුකරන ලද සුළු අලුත්වැඩියා සංඛ්‍යාව 33,525කි. දැනට පවතින දුම්රිය ඇණියෙහි විශාල අලුත්වැඩියාවන් 1842ක් සිදුවී තිබේ.

ධාවනයෙන් ඉවත් කළ මැදිරි 200ක් අතුරින් එලෙස අලුත්වැඩියා කොට ධාවනයට සුදුසු පරිදි යළි සකස් කරන ලද මගී දුම්රිය මැදිරි 52ක් පසුගිය වසරේ ධාවනයට යොදවා ඇත. දුම්රිය එන්ජින් 3ක්, තෙල් ටැංකි වැගන් 3ක් ද පසුගිය වසරේදී යළි සකස් කොට භාවිතයට යොදවා තිබුණි.

ඉන්දීය ණය ආධාර යටතේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී දුම්රිය එන්ජිමක් හා නව බලවේග කට්ටලයක් ගෙන්වා තිබේ.

ඊට අමතරව ඒ සමගම ඇනවුම් කරන ලද තවත් දුම්රිය එන්ජින් 9ක්, බලවේග කට්ටල 5ක්, තෙල් ටැංකි වැගන් 30ක් කන්ටේනර් ප්ලැට් වැගන් 20ක් ගෙන්වීමට එම කාලයේදීම අත්තිකාරම් මුදල් ගෙවා ඉදිරි කටයුතු සිදුකරන ලදී.

මෙහිදී උඩරට දුම්රිය සේවාව වැඩිදියුණු කිරීම උදෙසා බලවේග කට්ටල 9ක් හා එන්ජින් 12ක් ගෙන්වීමට කටයුතු කොට තිබූ අතර එම ඇනවුම පරිදි පසුගියදා මෙරටට ආනයනය කරන ලද්දේ එහි පළමු බලවේග කට්ටලයයි.

ඉහත දුම්රිය කට්ටල භාවිතයට ගනිමින් පසුගිය වසර තුළ ධාවනය කරවූ මගී දුම්රිය ගණන 117189කි.

මගීන් මිලියන 137.52ක් එමගින් ගමන් කොට ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු දත්ත පෙන්වා දී තිබේ.

මෙය 2017 වසරට සාපේක්ෂව 0.6%ක වැඩිවීමකි.

පහත දැක්වෙන්නේ ගෙවී ගිය වසර 5 තුළ දුම්රියෙන් ගමන් ගත් මගීන්ගේ ඉහළ යාමයි.

පසුගිය වසරේ ධාවනය වූ මගී කිලෝමීටර් ගණන 7709.52කි. එය ද පෙර වසරට සාපේක්ෂව 2.8%ක වැඩිවීමක් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ගෙවී ගිය වසර 5 තුළ ධාවනය කරවූ මගී කිලෝමීටර් ගණනෙහි ඉහළ යාම පහත දැක්වේ.

මේ අනුව පසුගිය වසරේදී රට තුළ සිදුවූ සමස්ත දුම්රිය ධාවනය පහත පරිදි වේ.

මූලාශ්‍ර – දුම්රිය දෙපාර්තමේන්තුව

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්