අලුතෙන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන රට පුරා

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වැඩි පිරිසකට ප්‍රතිකාර හා පහසුකම් ලබාදිය හැකි රෝහල් ක්ෂණිකව සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගෙන එම රෝහල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙසට පරිවර්ථනය කිරීමට රජය තීරණය කර ඇත .
, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද පැවති කොවිඩ් මර්දන කාර්ය සාධන ක්‍රියාකාරි සමාලෝචන කමිටුවේදී මෙම තීරණයට එළැඹි බව .සෞඛ්‍ය අමත්‍යාංශ්‍ය නිකුත් කළ නිවේදනයක දැක්වේ .

නව මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෙන් කරන ලෙසත් අමතර ප්‍රතිපාදන ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන අරමුදල්වලින් ලබා ගැනීම සම්බන්ධයෙන් කමිටුවේදී සාකච්ඡා වී ඇත .

දෛනිකව 500 – 600 ත් අතර ප්‍රමාණයකින් කොරෝනා ආසාදිතයින් වාර්තා වන බැවින් ඔවුන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථාන කඩිනමින් සැකසීමේ අවශ්‍යතාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි අවධානයට යොමුවී ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ ..