නවතම පුවත්

අවදානමක් නෑ – පාර්ලිමේන්තුව අද-හෙට වැඩ

අසංක

අසංක

කොවිඩ්-19 සෞඛ්‍ය රෙගුලාසි පූර්ණ වශයෙන් ආරක්ෂා කරගනිමින් අද (19) සහ හෙට (20) යන දින තුළ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබේ.

අනතුරුදායක තත්ත්වයක් පාර්ලිමේන්තුව තුළ නොමැති බැවින් ආරක්ෂිතව සියලු සෞඛ්‍යය රෙගුලාසි තදින්ම අනුගමනය කරමින් රැස්වීම් පැවැත්විය හැකි බව, පාර්ලිමේන්තුවේදී පී.සී.ආර් (PCR) පරීක්ෂණ සිදු කළ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ වෛද්‍යවරුන් කිහිපදෙනෙක් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට කැඳවා කරන ලද විමසීමේදී සඳහන් කර තිබුණි.

ඊයේ (18) පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මේ බව තීරණය කළේ ඒ අනුවයි.

අද පෙ.ව 10.00ට ආරම්භ වන පාර්ලිමේන්තු රැස්වීමේදී විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 6ක් සහ රේගු ආඥා පනත යටතේ යෝජනාවක් විවාදයට ගන්නා බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා කීය.

පෙ.ව 10.00 සිට පෙ.ව 11.00 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාචික ප්‍රශ්න ඇසීම සඳහා වෙන්කෙරෙන අතර, එහිදී අසනු ලබන ප්‍රශ්න දහයකට පමණක් සීමා කෙරෙනු ඇත .

දෙවන දිනය වන හෙට (20) ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ඉදිරිපත්කර ඇති සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනෙන බව දසනායක මහතා පැවසීය.

එම විවාදය සඳහා පෙ.ව.11.00 සිට ප.ව.4.30 දක්වා කාලය වෙන් කර ඇත. පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද විවිධ නීතී රෙගුලාසි යටතේ අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන අතිවිශේෂ ගැසට් පත්‍රයන් මඟින් පළකරනු ලබන නියෝග ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් මෙම සභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කෙරේ.

එදින දිවා භෝජනය සඳහා පාර්ලිමේන්තු රැස්වීම අත්හිටුවීමකින් තොරව පැවැත්වෙනු ඇත. එදිනම පෙ.ව 10.00 සිට 11.00 දක්වා පැයක කාලයක් මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

මෙම රැස්වීමට සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, ජී. එල්. පීරිස් සහ ඩලස් අලහප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩග්ලස් දේවානන්ද, මහින්ද සමරසිංහ, අනුර කුමාර දිසානායක, ඩිලාන් පෙරේරා, රිෂාඩ් බදුර්දීන්, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන් සහ එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරු සහභාගි වූහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්