නවතම පුවත්

අවිධිමත් රැකියා කරන පිරිස වැඩියි -EPF එකට ඇතුළත් කරන්න පියවර

අසංක

අසංක

අවිධිමත් අංශයේ රැකියා නියුක්තිකයන් සේවක අර්ථසාධක අරමුදලට (EPF) දායක කරගැනීම පිළිබඳව විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබේ.

සේවා අංශයේ අවිධිමත් අංශයේ රැකියාවන්වල නියුක්ත වූ පිරිස 60%ක් පමණ වේ.

එම පිරිස ද සේවක අර්ථසාධක අරමුදලට දායක කරගැනීම මඟින් ඔවුන්ගේ සමාජ ආරක්ෂණය ඉහළ නැංවිය හැකිබවද කාරක සභාව අවධාරණය කරන ලදී.

වර්තමානයේ සේවක අර්ථසාධක අරමුදල් ගෙවන ආයතන 80,000ක් පමණ කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වි ඇති බව කාරක සභාවේදී අනාවරණය විය.

ඒ අනුව එම සමාගම් ගණන ප්‍රමාණවත් නොවන බව පෙන්වාදුන් කාරකසභා සභාපතිවරයා සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම සඳහා ලියාපදිංචි නොවූ සමාගම් සියල්ල හඳුනාගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුනි.

මෙහිදී කම්කරු දෙපාර්තමේන්තුව විසින් මහ බැංකුවේ මුදල් මණ්ඩලය මඟින් සේවක අර්ථ සාධක අරමුදලේ සියළු තීරණ ගැනීම ගැටලුකාරී බව පෙන්වා දෙන ලදී.

ඒ අනුව කම්කරු දෙපාර්තමේන්තුවේ නියෝජනයක්, මහ බැංකුවේ මුදල් මණ්ඩලය තුළ පැවතීමේ වැදගත්කම එම නිලධාරීහු විසින් කාරක සභාවට අවධාරණය කරන ලදී.

කම්කරු දෙපාර්තමේන්තුවේ සහ මහ බැංකුවේ ක්‍රමවේදයන් අතර පවත්නා වෙනස්කම් හේතුවෙන් අර්ථසාධක අරමුදල් ලබාගැනීමේදී සාමාජිකයින් හට යම් යම් ගැටලුවලට මුහුණපෑමට සිදුවන බව මෙහිදී හෙළිවිය.

සාමාජිකත්වය ලබාගැනීමේදී ඔවුන්ගේ තොරතුරු නිවැරදිව ඇතුළත් කිරීම සඳහා යම් එක් ක්‍රමවේදයක් සකස් විය යුතු බවද කාරකසභාවේදී සාකච්ඡා විය.

කම්කරු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට ලක්කිරීමේ මූලික පියවර ගෙන ඇති බව කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීහු මෙහිදී ප්‍රකාශ කළහ.

මේ පිළිබඳ කරුණු සාකච්ජා වූයේ විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා(16) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්