නවතම පුවත්

අවුරුදු කාලේ දරුවන්ට ගිනිකෙළි කරන්න දෙන්න එපා

අසංක

අසංක

අලුත් අවුරුදු උත්සව සමයේ දරුවන්ට ගිනිකෙළි භාවිතයට ඉඩ නොදෙන ලෙස ජාතික අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුරත්න මහතා සඳහන් කළේය.

සිංහල හින්දු නව අවුරුදු උදාවත් සමග විවිධ ආකාරයේ අනතුරු හේතුවෙන් ඇසට සිදුවන අනතුරුවල වර්ධනයක් දැකිය හැකි බව ඔහු පෙන්වා දෙයි.

සමීක්ෂණ දත්ත අනූව ගිනිකෙළි ද්‍රව්‍ය නිසා ඇතිවන අනතුරු අතරින් වඩාත්ම බහුල වන්නේ අත් ඇඟිලිවලට සිදුවන අනතුරු බවද මෙය 46%ක් පමණ වෙයි.

අනතුරු තුවාල වලින් 17%ක් ඇස් වලටද තවත් 17%ක් මුහුණ හිස ඇතුළු ප්‍රදේශ ආශ්‍රිතවද සිදුවන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මෙහිදී අනතුරු බහුල වන්නේ කුඩා පිරිමි දරුවන් සහ තරුණයින් අතර බවද අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුරත්න මහතා සඳහන් කළේය.

අනවශ්‍ය අවදානමක් ගැනීම සහ නොදැනුවත්කම ආදී දෑ මෙවැනි අනතුරු සඳහා හේතු වන බවද ඔහු අවධාරණය කළේය.

උත්සව සමයේ රතිඤ්ඤා සහ ගිනිකෙළි භාණ්ඩ පරිභෝජය වැඩිවීමත්, ගෘහස්ථ අනතුරු සහ මාර්ග අනතුරු වැඩිවීමත් සිදුවන බවද හෙතෙම කියයි.

මෙවැනි අනතුරු හේතුවෙන් නව අවුරුද්දේ ආරම්භයේ රෝහල්ගතකිරීමේ සිට ජීවිතාන්තය දක්වාද දෑස් අහිමිවීමක් හෝ ස්ථිර පෙනීම අඩුවීමක් සිදුවිය හැකි බවද ඔහු පැවසුවේය.

කිසි විටෙක කුඩා ළමුන් විසින් ගිනිකෙළි දැල්වීමක් නොකළ යුතු බවද සෑම විටම වැඩිහිටියෙකුගේ අනුදැනුම මත ගිනිකෙළි ද්‍රව්‍ය භාවිතා කළ යුතු බවද ඔහු පැවසුවේය.

නොදැල්වුණු රතිඤ්ඤා නැවත දැල්වීම නොකළ යුතු බවද දැල්වීම සිදුකළ යුත්තේ විවෘත ස්ථානවල පමණක් බවද ඔහු සඳහන් කළේය.

ඉතා කුඩා අත්වැරදීමකින් ඔබගේ දරුවාගේ හෝ තරුණ වැඩිහිටි ඔබගේ ජීවිතයට නිවැරදි කළ නොහැකි කැළලක් ඉතිරි විය හැකි බව අමතක නොකරන ලෙසද වෛද්‍යවරයා අවධාරණය කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්