නවතම පුවත්

අවුරුදු පහක් ඇතුලත , රජයේ පාසල් 07ක් වැහිලා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(දම්පත් රණසිංහ) 

ගෙවී ගිය පස් වසර තුළ මෙරට රජයේ පාසල් 07 ක් වැසී ගොස් තිබෙන බව අතර ශිෂ්‍ය සංඛ්‍යාවද 79645 කින් අඩුවී තිබේ.

මේ බව හෙළිවන්නේ කලම්බු එක්ස්ප්‍රස් විසින් අධ්‍යාපන අමාත්‍යාංශය මෑතකදී නිකුත් කළ 2020 වසරේ සංඛ්‍යා දත්ත සහ 2016 වසරේ සංඛ්‍යා දත්ත පිරික්සීමේදීය .

එම දත්තයන්ට අනුව 2016 වසරේදී මෙරට පැවති 10,162 ක් වූ රජයේ පාසල් සංඛ්‍යාව 2020 වසරේදී 10,155 ක් දක්වා අඩුව තිබේ. එසේම 2016 වසරේ රජයේ පාසල් පද්ධතිය තුළ සිසුන් 4,143,330 ක් අධ්‍යාපනය ලැබූබව සදහන් වූවත් 2020 වසරේ සංඛ්‍යා දත්තයන්ට අනුව අධ්‍යාපනය ලැබූ සිසුන් ගණන සදහන් වන්නේ 4,063,685කි.

2016 වසරේදී ජාතික පාසල් ගණන 353 ක් පිහිටා තිබුණත් 2020 වසරේදී එම ගණන 373 දක්නා 20 කින් වැඩිවී ඇත. 2016 වසරේ පැවැති පළාත් සභා පාසල් ගණන 9809 සිට 9782 ක් දක්වා අඩුවී තිබේ. ඒ ජාතික පාසල් 20 ක් බවට පත්ව ඇත්තේත් වැසීගොස් ඇත්තේත් පළාත් සභා පාසල් වන බැවිණි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සංකයා දත්තයන්ගෙන් පෙනී යන ආකාරයට අනුව 2016 වසරේ සිසුන් 4000 කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් 47 ක් මෙරට පැවැතියත් 2020 වසර වන විට එය 32 දක්වා අඩුවී ඇත. එසේම සිසුන් 3001 ත් 4000ත් අතර පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් ගණන 2016 වසරේ 74 ක් පැවතියත් 2020 වසරේ එය 73 දක්වා එකකින් අඩුවී ඇත.

රජයේ පාසල් වැසීගියත් , රජයේ පාසල්වල අධ්‍යාපනය ලබන සිසුන් ප්‍රමාණය වසරින් වසර ක්‍රමිකව අඩුවූවත් 2016 වසරේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට සිටි 232,555 ක්වූ ගුරුවරුන් ගණන නම් 2020 වසර වන විට අඩුවක් නොවී 16,939 කින් වැඩිවී ඇති බවක් නම් සංඛාදත්ත මගින් පෙනී යන කරුණකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්