අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි

Picture of අසංක

අසංක

සිංහල දෙමළ අලුත් අවුරුදු නිවාඩුවට ගම්බිම් කරා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය සේවා අද (15) ක්‍රියාත්මක කෙරේ.

දුම්රිය දෙපාර්තමෙන්තුව පවසන්නේ මෙම විශේෂ දුම්රිය බදුල්ල, ගාල්ල හා බෙලිඅත්ත සිට කොළඹ දක්වා ධාවනය කෙරෙන බව ය.

මේ අතර දුම්රියෙන් කොළඹට පැමිණෙන ජනතාව සඳහා කොළඹ සිට පිටපළාත් දක්වා ලංගම හා පෞද්ගලික බස් රථ ක්‍රියාත්මක කෙරෙන බව ද ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.