ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
ධුරයෙන් තමන් ඉල්ලා අස් වූ බව අසන්තා ද මෙල් මහතා මීට සුළු වේලාවකට පෙර මාධ්‍ය වෙත සඳහන් කළේය .
මීට දින කිහිපයකට පෙර ඒ මහතා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර ධූරයෙන්ද ඉවත්විය .
2018 වසරේ නොවැම්බර් මාසයේදී දෙවන වරටත් මෙරට ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්වූ අසන්තා ද මෙල් මහතා එතැන් සිට මේ දක්වා එම ධූරය දැරීය .
මේ අතර අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා සඳහන් කලේ 2015 ආණ්ඩු පෙරලියත් සමග ක්‍රීඩාව දේශාපාලනීියකරනය කිරීම හේතුවෙන් ක්‍රිකට් ක්‍රිඩාව කඩා වැටීමට ලක් වූ බවයි .