නවතම පුවත්

කොරෝනා හොඳින්ම පාලනය කල රටවල් 10 අතර ශ්‍රී ලංකාවත්!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වෛරසය වඩාත් පලදායි ලෙස පාලනය කළ රටවල් අතරින් දහවන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව සමත්වී ඇත .

කොරෝනා වෛරසය ව්‍යාප්තව පවතින ලොව රටවල් 100 කට අදාලව   ඕස්ට්‍රේලියාවේ ලෝවී ආයතනය විසින් නිකුත් කල  සමීක්ෂණ වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවට මෙම සුවිශේෂී ස්ථානය හිමිව ඇත  .

එම  සමික්ෂනයේදී සෑම රටකින්ම වාර්තා වී ඇති කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව හා PCR පරීක්ෂණ සිදුකිරීමේ අනුපාතය සම්බන්ධයෙන් අවධානය යොමු කොට ඇත.

ඒ අනුව එම ලයිස්තුවේ පළමු ස්ථානයට නවසීලන්තය පත්ව ඇති අතර වියට්නාමය, තායිවානය සහ තායිලන්තය පිළිවෙලින් දෙවන, තෙවන සහ සිව්වෙනි ස්ථානය හිමිකර ගෙන ඇත. වෛරසය පාලනය කිරීමට ප්‍රබල ලෙස කටයුතු ඕස්ට්‍රේලියාව එම ලයිස්තුවේ 08 වන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව පසුවන්නේ 10 වන ස්ථානයේයි.

කොරෝනා වෛරසයෙන් දැඩි ලෙස බලපෑම් එල්ලවී තිබෙන අමෙරිකා එක්සත් ජනපදය ලයිස්තුවේ 94 වන ස්ථානයේ රැඳී සිටින අතර ඉන්දුනීසියාව සහ ඉන්දියාව පිළිවෙලින් 85 සහ 86 යන ස්ථානයේ පසුවේ.

වසංගත තත්ත්වය සම්බන්ධයෙන් වන කරුණු ප්‍රසිද්ධ නොකිරීම හේතුවෙන් චීනය මෙම සමීක්ෂණය සඳහා අන්තර්ගත කොට නොමැති බව ලෝවී ආයතනය  තම වාර්තාවේ සඳහන් කර ඇත .

පලදායි ලෙස වසංගතය පාලනය කිරීම අතින් ලොව විශාල රටවලට වඩා කුඩා රටවල් ඉදිරියෙන් පසුවන බවද  එම ආයතනයේ හර්ව් ලෙමාහියු සඳහන් කර ඇත .

“හදිසි සෞඛ්‍ය අවස්ථා හැසිරවීමේදී විශාල ජනගහණයක් සිටින රටවලට සාපේක්ෂව සාමාන්‍යයෙන් මිලියන 10 ට අඩු ජනගහනයක් සිටින රටවල් වඩාත් කඩිසර බව ඔප්පු වි ඇතැයිද ” ABC පුවත් සේවය සමග  සාකච්ජාවකට එක්වෙමින් ලෝවී ආයතනයේ හර්වී ලෙමාහියු ප්‍රකාශ කර  ඇත .

මේ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ABC පුවත් සේවය පලකළ පුවත් වාර්තාව 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්