නවතම පුවත්

අසර්බයිජානයේ තරුණියන්ගේ දේහයන් හැකි ඉක්මනින් ලංකාවට ගෙන ඒමට කටයුතු කරනවා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අසර්බයිජානයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක පුහුණු පාඨමාලාවක නිරතවෙමින් සිටි ‘ශ්‍රී ලාංකික තරුණියන් තිදෙනෙකු, ගින්නකට සහ විෂ දුමාරයකට හසුවීමෙන් පසුගියදා  ජීවිතක්ෂයට පත්වුනා පිලියන්දල පදිංචි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු හා කඩුවෙල පදිංචි තරුණියක් වන අතර ඔවුන් මල්ෂා සංදීපනි(අවු.23), තාරුකී අමායා (අවු.21), සහ කඩුවෙල පදිංචි අමෝද්‍යා මදුහංසි (අවු.25) යන අයයි. පිලියන්දල පදිංචි  මෙම දරුවන් දෙදෙනාගේ මියයැමේ සිද්ධිය පිළිබඳව දැනගත් ඔවුන්ගේ නැන්දනිය ‘හෘද්‍යාබාධයක්’ හේතුවෙන් “ජීවිතක්ෂයට’ පත්වූ බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය’ වෙත අදාළ විශ්වවිද්‍යාලය මඟින් දැනුම්දී ඇති බව පැවැසේ..මෙම තරුණියන් තිදෙනා නවාතැන් ගෙන සිටි, ‘අසර්බයිජානයේ’ බකූ(Baku) අගනුවර ‘බේල්'(Baile) නාගරික සීමාවේ ‘දෙමහල්’ නිවසක|බිම් මහලක|10  රාත්‍රී කාලයේ ගින්නක් හටගෙන ඇත..ගින්නෙන් හටගත් ‘විෂ’ දුම ‘ආඝ්‍රාණය’ වීම නිසා, සිසුවියන් තිදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ගින්නට හේතුව, එම නිවසේ ‘විදුලි පරිපථයේ’ දෝෂයක් බවට හඳුනාගෙන ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මුලින්ම මෙම ගිනි ගැනීම දැක ඇත්තේ එම නිවස අසල පදිංචිකරුවෙකි.
එසැනින් නිවසේ ජනෙල් කඩා මෙම ශිෂ්‍යාවන් තිදෙනා බේරාගැනීමට ඔහු උත්සාහ දැරුවද, ඉන් පලක් වී නොමැත.
ඒ වන විටත්, ‘විෂ’ වායුව මෙම ශිෂ්‍යාවන්ගේ දිවි තොර කිරීමට ප්‍රමාණවත් වී ඇත.. මොවුන් තිදෙනා මෙම එකම නිවහනේ මාස දෙකක පමණ කාලයක් ගතකර ඇති බවද වාර්තා වී තිබේ.

අසර්බයිජානයේ ‘Western Caspian University’ නම් වූ, ‘පෞද්ගලික’ විශ්වවිද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් හැදැරීම සඳහා මෙම ‘ශ්‍රී ලාංකික’ තරුණියන් තිදෙනා, පසුගිය වසරේ අගෝස්තු 20වනදා එම විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ඇති බව සඳහන් ය.
එම විශ්වවිද්‍යාලය සතුව නේවාසිකාගාරයක් නොමැති  බව හා, වෙනත් නවාතැනක් කුලී පදනම මත ලබාගැනීම සඳහා විශ්වවිද්‍යාලයෙන් සේවා සැපයීමක්ද සිදු ‘නොකරන’ බවට, එම සිසුවියන් හට පාලනාධිකාරිය දැනුම් දී තිබුණි.

ඒ හේතුවෙන්, ඔවුන් මෙම ස්ථානයේ නවාතැන් ගෙන සිටි බව පැවැසේ..
ඔවුන් ඉගෙන ගත් විශ්වවිද්‍යාලය ආසන්නයේම ‘බේල්'(Baile) නාගරික සීමාවේ පිහිටි ‘පෞද්ගලික’ දෙමහල් නිවසක මොවුන් නවාතැන් ගෙන ඇත.
කෙසේවෙතත් ‘රාජ්‍ය තාන්ත්‍රික කටයුතු’ සඳහා ‘අසර්බයිජානයේ’, ශ්‍රී ලංකා කොන්සියුලර් සේවයක් ‘නොමැති’ බැවින්, ‘වෙස්ටන් කැස්පියන්’ විශ්වවිද්‍යාලය, සිද්ධිය සම්බන්ධයෙන් ‘ඩුබායි’ හි ‘ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය’ වෙත දැනුම් දී ඇතැයි ද, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

සිද්ධිය සම්බන්ධ ඉදිරි පියවර ගැනීම සඳහා, එම කාර්යාලයේ උපදෙස් අපේක්ෂාවන් සිටින බව ද ‘විශ්වවිද්‍යාලයේ’ බලධාරින් දන්වා තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්