යුක්රේනය සමග යුධ ගැටුම් ඇතිකරගැනීමට රුසියාවට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් , එවැනි යුධමය තත්වයක් මතුවෙමින් ඇති බවට බටහිර මාධ්‍යයන් ගෙන යන ප්‍රචාරණයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් , මෙරට රුසියානු තානාපති යූරි මටේරි (Yury B. Materiy) මහතා , අවධාරණය කර සිටී .
හෙට (10) දිනට යෙදී ඇති රුසියානු රාජ්‍යතාන්ත්‍රික දිනය නිමිත්තෙන් විශේෂ නිවේදනයක් නිකුත්කරමින් තානාපතිවරයා මේ බව සඳහන් කර ඇත .
යුක්රේනය හා සම්භන්ධ අදාළ සිදුවීම් කෘතීමව උත්සන්නකර හුවා දැක්වීමට බටහිර මාධ්‍ය උත්සාහ කරන බවද තානාපතිවරයා මෙහිදී සඳහන් කර ඇත .
කිසිදු රාජ්‍යයක් සමග යුධ ගැටුමකට නොයන බව රුසියානු රාජ්‍ය නායකයින් , නිලධාරීන් පැහැදිලිවම ප්‍රකාශ කර ඇති බවත් , විශේෂයෙන්ම අසල්වැසි රාජ්‍යයන් සමග යුධ ගැටුම් ඇති කරගැනීම , රුසියාව කිසිසේත්ම අනුමත නොකරන අදහසක් බවත් තානාපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.
.රුසියානු රාජ්‍යතාන්ත්‍රික දිනය නිමිත්තෙන් තානාපතිවරයා නිකුත් කල සම්පූර්ණ නිවේදනය මෙතනින්