නවතම පුවත්

අන්තර්ජාතික රතුකුරුස සහ රතු අඩසඳ සම්මේලනයේ මහලේකම් අගමැති හමුවෙයි

අසංක

අසංක

අන්තර්ජාතික රතුකුරුස සහ රතු අඩසඳ සම්මේලනයේ මහලේකම් ජගාන් චැපගන් මහතා සහ එම දූත පිරිස ඊයේ (08) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.

ලොව විශාලම මානුෂවාදී සංවිධානය වන අන්තර්ජාතික රතු කුරුස සහ රතු අඩසඳ සම්මේලනය රටවල් 192ක් පුරා විහිදී පවතියි.

කොවිඩ් වසංගතය ඇතුළු ඉතිහාසයේ ශ්‍රී ලාංකික ජනතාව මුහුණ දුන් සෑම ව්‍යසන අවස්ථාවකදීම ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය ඔස්සේ තම ජනතාව වෙත ලබා දුන් මානුෂවාදී ආධාර උපකාර වෙනුවෙන් අන්තර්ජාතික රතුකුරුස සහ රතු අඩසඳ සම්මේලනයට සිය කෘතවේදීත්වය පිරිනමන බව අග්‍රාමාත්‍යවරයා මෙහි දී පැවසීය.

ලොව පුරා විසිරී සිටින සිය සාමාජික රටවල් අතර ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ඉතා ක්‍රියාශීලී සහ විනිවිදභාවයෙන් කටයුතු කරන ඉදිරියෙන්ම සිටින සාමාජිකයෙකු බව පෙන්වා දුන් අන්තර් ජාතික රතුකුරුස සහ රතු අඩසඳ සම්මේලනයේ මහලේකම් ජගාන් චැපගන් මහතා ඉදිරි සහන සේවා කටයුතුවලදී ද ඔවුන්ගේ ඉල්ලීම් වලට ප්‍රමුඛත්වයක් ලබාදී ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ප්‍රතිලාභ ලබාදීමට බලාපොරොත්තුවන බවට විශ්වාසය පළ කළේය.

ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ මහතාගේ නායකත්වයෙන් ඉටු කරන කාර්ය භාරය වෙනුවෙන් රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව මෙහි දී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අන්තර්ජාතික රතුකුරුස හා රතු අඩසඳ සම්මේලනයේ ඉන්දීය කලාපීය ප්‍රධාන නියෝජිත උදය රෙජිමි, ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ, අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මහේෂ් ගුණසේකර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අරුණ ලේකම්ගේ මහත්වරු එක්ව සිටියහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්