අස්ගිරි පාර්ශවයෙන් තවත් ලක්ෂ 15ක වටිනාකමින් යුත් වෛශ්‍ය උපකරණ තොගයක් රජයට පරිත්‍යාග කෙරේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මහනුවර ජාතික රෝහලට කොවිඩ් – 19 අසාධිත එක් රෝගියෙකු හා රෝගය ආසාධිත බවට සැක කෙරෙන රෝගීන් 179 දෙනෙකු මේ වන විට ඇතුළත්ව සිටින අතර, මහනුවර ජාතික රෝහලේ  කොවීඩ්-19 රෝගීන්වි සදහා විශේෂ ප්‍රතිකාර වාට්ටු දෙකක් මේ වන විට ස්ථාපිත ‍කර ඇත. එම වාට්ටු සඳහා රුපියල් ලක්ෂ විස්සක වටිනාකමකින් යුතු ඇඳන් 15 ක් සහ වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම (30) අස්ගිරි මහ විහාරයේදී සිදු කෙරුණි.

අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගණ රජමහ විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නා හිමියන් විසින් මෙම පරිත්‍යාගය සිදුකළ අතර එම අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපජ්‍ය වරකාගොඩ ඤාණරතන, අනුනායක ආණමඩුවේ ධම්මදස්සි, නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරංපනාවේ ආනන්ද යන හිමිවරු ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර  ලලිත් යූ. ගමගේ, මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න, මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.