අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි රඳවාගෙන ප්‍රශ්න කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කරයි.
අද (17) දින කොලොන්නාව ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ කීය.
“අසාත් සාලි හිටපු ආණ්ඩුකාරවරයා අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්. එහි සම්බන්ධයක් තියෙන නිසා. එහි විමර්ශන කටයුතු අපි අඛණ්ඩව සිදුකරගෙන යනවා. මාවනැල්ල බුදු පිළිමය සම්බන්ධයෙන් සහ වෙනත් කරුණු සම්බන්ධයෙන්, පාස්කු ප්‍රහාරයට මොහු සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වී ඇති බවට යම් කරුණු ඉදිරිපත් වී ඇති නිසා තමයි ඔහුව රඳවාගෙන ප්‍රශ්න කරන්නේ.
ඒ වගේම තමයි ඔහු ළඟදි ප්‍රකාශයකුත් කළා ෂරියා නීතිය සම්බන්ධයෙන්. රටේ නීතියට අනුගත වෙන්නේ නෑ කියලා. ඉතින් ඒ වගේ බොහෝ ප්‍රකාශ ආගමික අන්තවාදය කරා යනවා. එහිදී ආගමික අන්තවාදය තමයි නැවත වරක් ත්‍රස්තවාදය කරා යන්නේ. ඒ ප්‍රකාශයත් මේකට සම්බන්ධ වෙන්න ඇති. නමුත් මේක සම්පූර්ණයෙන්ම නීතිපතිවරයා සමඟ සාකච්ඡා කරලා රහස් පොලීසිය විසින් තමයි ඒ තීරණය අරන් තියෙන්නේ. ඉතින් රැඳවුම් නියෝග මත තබාගෙන ඔහුගෙන් ප්‍රශ්න කරනකොට ඔහු මේකට සම්බන්ධ ද? නැද්ද? කියලා තේරෙයි. සම්බන්ධයක් තියෙන බව දැනිච්ච නිසා තමයි ඔහුව අත්අඩංගුවට අරන් තියෙන්නේ.” යැයිද අමාත්‍යවරයා සඳහන් කළේ ය.