නවතම පුවත්

උත්සව සමයේ ගෑස් මිල නංවන්න ඕන නෑ – අගමැති

අසංක

අසංක

 

රට තුළ ගෑස් හිඟයක් නොමැති අතර උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (17) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී වර්තමාන ආර්ථික තත්ත්වය හා වෙළඳ පොළ සම්බන්ධයෙන් පැවති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

මෙහි දී සහල්, පොල්, කිරිපිටි, මාළු,මස්, බිත්තර, පරිප්පු හා ධාන්‍ය, ලොකු ලූණූ හා රතු ලූණු, අර්තාපල්, එළවළු සහ පළතුරු මෙන්ම ගෑස්, විදුලිය හා ජලය, ඉන්ධන සඳහා පාරිභෝගිකයින්ට සහන සැලසීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු විය.

කොවිඩ්-19 වසංගතයට සමඟාමීව සැපයුම් ජාල අඩපනවීම, විනිමය අනුපාත වෙනස්වීම හා සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාමත්, ගෑස් සමාගම් විසින් මිල ඉහළ දැමීම සඳහා කරනු ලබන ඉල්ලීම් පිළිබඳවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම සාකච්ඡාවේ අවධානය යොමු කළේය.

මෙහි දී මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශය වාර්තාවක් ඉදිරිපත් කරමින් කොවිඩ්-19 වසංගතය සමඟ ගෝලීය ආර්ථිකයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යමින් තිබෙන බව පෙන්වා දුන්නේය. එමෙන්ම ආනයන පාලනය ලිහිල් කළහොත් වෙළඳ හිඟය වැඩිවිය හැකි බව මහ බැංකු නියෝජිතයෝ පෙන්වා දුන්හ.

ඒ අනුව දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීමත්, දේශීය ව්‍යාපාර ශක්තිමත් කරමින් වෙළඳ භාණ්ඩ අපනයනයනයටත් යොමු වෙමින් විදේශ විනිමය රැස්කර ගැනීමට අවශ්‍ය බව මහ බැංකු නියෝජිතයෝ පැහැදිළි කළහ.

ශ්‍රී ලංකා රේගුවේ අත්අඩංගුවට පත් සහල් මෙට්‍රික් ටොන් තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් සතොස හරහා ජනතාවට බෙදා දීමේ වැඩපිළිවෙළක් සකස් කළ හැකිදැයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මෙහි දී විමසා සිටියේය.

භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඊට එකඟත්වය පළ කළ අතර රේගු අධ්‍යක්ෂ ජනරාල් ජී.වී රවිප්‍රිය මහතාට ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුනි.

මෙයට අමතරව වී අලෙවි මණ්ඩලය සතු සහල් සංචිත වෙළඳ පොළට නිකුත් කිරීම සහ තවත් මෙට්‍රික් ටොන් 25000ක් පමණ දේශීය සහල් ව්‍යාපාරිකයන්ගෙන් මිලදී ගැනීමට ද මෙහි දී අවධානය යොමු විය.

රට තුළ සහල් හිඟයක් නොමැති බව කී ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මෙරට පරිභෝජනයට අවශ්‍ය තරම් සහල් රට තුළ නිෂ්පාදනය වී ඇති බව හෙළි කළේය.

එමෙන්ම අවුරුදු සමයේ එළවළු මිල පහළ යනු ඇතැයි හෙතම විශ්වාසය පළ කළේය.

මේ අතර පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අදහස් පළ කරමින් ඉදිරියේ දී සතොස හරහා අඩුමිලට පොල් අලෙවියට වැඩපිළිවෙලක් සකස් කරන බව කීවේය.

ගෑස් මිල වැඩිකරන්නැයි කෙරෙන බලපෑම් සම්බන්ධයෙන් අදහස් පළ කළ බැසිල් රාජපක්ෂ මහතා, කොවිඩ්-19 වසංගතය සමඟ ලෝක ගෑස් මිල පහත වැටී තිබූ අවධියේ එම ලාභය අදාළ සමාගම් විසින් හිමිකරගත් බවත් එදා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ පවා රැකියා ආරක්ෂා කරමින් රජය ගත් පියවරට වර්තමානයේ සහය ලබා දීම යුතුකමක් බවත් කියා සිටියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්