නවතම පුවත්

අසාත් සාලි නිදොස් කොට නිදහස්

Roshan

Roshan

දම්පත් රණසිංහ

ජාතීන් හා ආගම් අතර අසමගිය ඇතිකිරීම හා සංහිඳියාව බිඳ දැමිමට උත්සාහ දැරීමේ චෝදනා මත නීතිපතිවරයාගේ උපදෙසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (02) නියෝග කළේ ය.

ඉකුත් මාර්තු 9 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී ඔහු කළ ප්‍රකාශයකින් දණ්ඩ නීති සංග්‍රහය, සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බව මෙන්ම 2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය උල්ලංගනය කර ඇති බවට ප්‍රමාණවත් කරුණු අනාවරණය වන්නේ යැයි නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් උපදෙස්වලට අනුව හිටපු ආණඩුකාර අසාද් සාලි මහතා මාර්තු 16 වෙනිදා අත්අඩංගුවට ගත්තේය.

අනතුරුව රදවා ගැනීමේ නියෝගයකින් ඒ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මාස කිහිපයක් රදවාගෙන විමර්ශන පවත්වා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී රක්ෂිත බන්ධනාගාරගතකර සිටි ඒ මහතාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්