අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසුවන බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
ඊයේ (18) රාත්රියේ සිදුවූ අසනීප තත්ත්වයක් මත ඔහු මෙලෙස රෝහල්ගත කර ඇත.
ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.
ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පසුගිය මාර්තු 19 වැනිදා අත්අඩංගුවට ගත් අසාද් සාලි මහතා රැඳවුම් නියෝග මත පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවෙයි.