නවතම පුවත්

කැළණි ග‍ඟේ ගසාගෙන ගිය පාවෙන අප ද්‍රව්‍ය බාධකය යලි ස්ථාපිත කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසු ගිය දින කිහිපය පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් කැළණි ග‍ඟේ ජල මට්ටම ඉහල යාමත් සමඟ ජල පහරට හසුවී කැඩී ගිය අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා ස්ථානය (water intake well) වෙත අපද්‍රව්‍ය ඇතුල්විම වැළැක්වීමට යොදා තිබූ පාවෙන ජල බාධකය (Floating Boom) නැවත යතාතත්වයට පත් කිරීමට නාවික හමුදාව 2021 මැයි මස 18 වන දින කටයුතු කරන ලදි.

අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත කැළණි ගඟ වෙතින් ජලය ලබා ගන්නා ස්ථානය වෙත ජලය සමග පාවී එන අපද්‍රව්‍ය සහ තෙල් සහිත කොටස් ඇතුළු වීම වැළැක්වීම සඳහා අඩි 320ක් පමණ දිගින් යුත් විශේෂිත පාවෙන අපද්‍රව්‍ය බාධකයක් යොදා ඇත. කැළණි ගගේ ජල මට්ටම ඉහළ යාමත් සමග මෙම අප ද්‍රව්‍ය බාධකය කැඩී මීටර් 400ක් පමණ ගඟ දිගේ පහළට ගසා ගෙන ගොස් ඇත. මෙය යතා තත්ත්වයට පත්කර ගැනීමට සහය වන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් සිදු කල ඉල්ලීමකට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, බටහිර නාවික විධානයට අයත් කිමිදුම් සහ විශේෂ යාත්‍රා බලඝණයේ නාවික පුද්ගලයන්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙම අප ද්‍රව්‍ය බාධකය නැවත යතාතත්ත්වයට පත් කිරිමේ මෙහෙයුමට යොදවන ලදි.

ඒ අනුව මිටර් 400ක් පමණ ජලයේ ගසාගෙන ගොස් තිබූ එම පාවෙන අප ද්‍රව්‍ය බාධකය සෙඩ්රික් යාත්‍රාද උපයෝගී කර ගනිමින් මහත් පරිශ්‍රමයක් යොදා නැවත රැගෙන විත් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත ජලය ලබා ගන්නා ස්ථානයෙහි ස්ථාපිතකර  යතාතත්ත්වයට පත් කිරීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.

තවද, ඕනෑම හදිසි අපදා තත්ත්වයක් හමුවේ අවශ්‍ය සහය ලබා දීමට නාවික හමුදාව නිරන්තර සුදානමින් සිටි.

      

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්