නවතම පුවත්

අසිරිමත් නත්තල උදාවෙයි

අසංක

අසංක

අසිරිමත් නත්තල් දිනය අදයි.

ලෝකයම වසංගතයකින් වෙළාගෙන ඇති කාලවකවානුවක උදාවූ මෙවර නත්තල උත්සවශ්‍රීයෙන් සැමරීමට නොහැකි වුවද කළගුණ සැලකීම, සාමය හා එකමුතුකම සහ අඳුරෙන් අලෝකයට පැමිණීම යන උදාවෙන නත්තලේ සැබෑ අරුත වටහාගැනීමට මෙය සුදුසුම වාතාවරණයක් බව සිහිපත් කළ යුතුවේ.

මෙරට ප්‍රධාන නත්තල් දේව මෙහෙය කඳාන ශාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයේදී අද රාත්‍රියේ පැවැත්වෙයි.

මෙවර මැදියම් රැයේ නත්තල් දේවමෙහෙය රූපවාහිනි නාලිකා මගින් විකාශනය කරන අතර කොරෝනා වසංගතය පැතිරී නොමැති පළාත්වල ඒ ඒ දේවස්ථානවල අද (24 දා) සවස සහ හෙට (25 දා) උදෑසන නත්තල් දේවමෙහෙයන් සංවිධානය කර ඇත.

වෙනදා මෙන් නත්තල් සාද සඳහා පිටස්තර පළාත්වලට යෑමෙන් වැළකී නිවසේ සිටිමින් ආගමික වතාවත්වලට මුල්‍තැන දෙන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කිතුනු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිති.

එකිනෙකාට සුබ පතන මොහොතේ අනිවාර්යයෙන් ම සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස ද මේ දිනවල පවතින කොරෝනා වසංගතය සිහියේ තබාගෙන උත්සව, නත්තල් සාද හා සංදර්ශන පැවැත්වීමෙන් වැළකී සිටීම ඉතා වැදගත් බව ද කාදිනල් හිමියෝ පවසති.

කොරෝනා වසංගතයෙන් පීඩා විඳින අසරණයන් වෙනුවෙන් මෙවර නත්තලට වැය කරන මුදල් යොදවන ලෙසත්, නිරෝධායන පවුල් සඳහා සංග‍්‍රහ කිරීම වැදගත් බවත් කාදිනල්තුමා පෙන්වා දෙයි.

එහෙයින්, මෙවර නත්තල නිරෝධායන නීතිරීතිවලට අනුකූලව, නිවෙස් තුළ ආගමික වතාවත්වලට සීමාවෙමින් සමරන ලෙස සෞඛ්‍ය අංශ ද කිතුණු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

මේ අතර පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි සියලු කිතුනු දේවස්ථානවලට අද සහ අද (25) විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද පෙන්වා දෙන්නේ මෙම නත්තල් දිනයේ සහ ඉදිරි සතියේදී ගමන් බිමන් සිමාකිරීම වඩා යෝග්‍ය බවය.

මේ අනුව සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූල වෙමින් දේව මෙහෙයන් සහ බැතිමතුන්ගේ සහභාගිත්වය සීමා කිරීමටද පියවර ගෙන තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්