නවතම පුවත්

අහෝ ! යුක්‍රේනය …..

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

==අහෝ යුක්‍රේනය==
මාස කිහිපයකට පෙර ඇෆ්ගනිස්තානයේ උද්ගතවූ අර්බුදකාරී තත්වය සමඟ ලෝකය පුරා මිතුරන් සිටීම ගැන මා සිත තුළ තිබූ සතුට සහා ආඩම්බරය සෑහෙන දුරට අඩුවූ අතර අද යුක්‍රේනයේ නවතම තත්වය ගැන ප්‍රවෘත්තිවලින් දුටු අවස්තාවේ එය නැත්තටම නැතිවී ගියේය… .

ඇත්තටම ඒ දැනෙන හැඟීම අමුතුය… අඳුරන මුහුණක් මැවෙන විට හුදෙක් ප්‍රේක්ෂකයෙකු ලෙස පමණක් ඒ රූපරාමු දෙස බැලීමට නොහැක.. දින කිහිපයකට කළින් යුක්‍රේන් පිරිමින්ට රටින් පිටවීම තහනම්කර නියෝගයක් නිකුත්විනි… සිවිල් වැසියන්ට ආයුධ දරා, පෙට්‍රල් බෝම්බවලින් සන්නද්ධ වී සතුරාට ප්‍රතිරෝධයක් දක්වන ලෙසට උපදෙස් ලැබිණී… .

මාගේ යුක්‍රේන ජාතික මිතුරා මේ මොහොතේ කොහේ කෙලෙසක සිටිනු ඇතිද? ඔහුගේ ආදරණීයයන්ගෙන් වෙන්වී අවිදරා යුද්ධ පෙරමුණේ ඇතිද? ඔහු ජීවතුන් අතරද? ඔහුගේ නව යොවුන් දියණිය ඇගේ මව සමඟ සරණාගත පෝළිමකද? නැත්නම් අණ ලැබුණ ලෙස නිවෙස් තුළටවී මරණ බියෙන් ඇවිළෙමින්ද?

10 days of suffering. Russia's war against Ukraine in photos

ඉතිහාස පොත්වල, යුධ චිත්‍රපටවල, යුද්ධය පිළිබඳ ඇති උත්කර්ෂය ඇත්ත යුද්ධයකදී නොමැති බවත්, තිබෙන්නේ ජීවිත සහා දේපළ විනාශය පමණක් බවත් තිස් වසරක යුද්ධයකින් පීඩා විඳි අප බොහෝදෙනා අත්දැකීමෙන් දන්නෙමු… ඉතින් ඇයි මේ  යුද්ධ?

නූතන, ගෝලීයකරණයට ලක්වූ, දියුණු‍යැයි සම්මත ලෝකයේ රටවල් අතර ප්‍රතිපත්තිමය ප්‍රශ්න විසඳාගැනීමට ප්‍රාග් ඓතිහාසික යුගයේ මිලේච්චයන් විසින් භාවිතා කළ ක්‍රමෝපාය වන යුද්ධය යොදාගැනෙන්නේ ඇයි? ඒ හරහා දශක හෝ ඇතැම්විට සියවස් ගණනාවක් පුරා මහන්සිවී ගොඩනගා ගත් නගර සහා අනෙකුත් ‍යටිතල පහසුකම් බිමට සමතලා කිරීම, හමුදා සෙබළුන්වන හෝ නොවන මිනිස් ජීවිත විනාශය, බලය පෙන්වීමේ, ජයග්‍රහණයේ නිර්නායක වන්නේ ඇයි?

මෙම ප්‍රශ්න ඔස්සේ හිතාගෙන යනවිට මට නම් හැඟෙන්නේ එක දෙයකි… නූතන මානවයා කයිවාරු ගසන තරම් නූතන නැත… බුද්ධිමත් නැත… දියුණුද නැත… යුද්ධය බිස්නස් එකක් වූ රටවල් දෙක තුනක ලණු ගිල තමන්ගෙ විනාශය තමන්ම සළසාගත් යුක්‍රේනයත්, පරණ මිලේච්ච ප්‍රශ්න විසඳීමේ ක්‍රමයට තම අසල්වැසියන් තම අණසකට යටත් කරගැනීමට තැත් දරන රුසියාවත් මේ පිළිබඳව මට ප්‍රභලම සාක්කිය…

Blasts heard in Kyiv as Russian forces close in - The Washington Post

ඇත්තෙන්ම මා මේ ලිපිය ලිවීමට ගත්තෙ ගිය සඳුදා ය. එය ඉවරකරගැනීමට සුදුසු මානසිකත්වයක් ගොඩනගා ගැනීමට නොහැකි වූ නිසා කල් දැමූ දැමිල්ල සතියක්ම දිගු වේ යැයි මා එවිට සිතුවේ නැත… අප කළ යුත්තේ කුමක්ද?

ස්වභාවික සම්පත්වලින්  පිරී ගිය , යහපත් ආර්ථික ගමනක යෙදුනු , යුරෝපා රටක් බිමට සමතලාවීමට ආසන්නය… මිනිස් ජීවිත රාශියක් දැනටමත් නැතිවී අවසන්ය … ආයුධ වෙළඳාමේ මුදුන් මල් කඩ වන ඇමරිකාවේ මඩිය තරවනු ඇති අතර අනෙක් බොහෝ රටවල කොරෝනාවලින් බැට කා හෙම්බත්වූ ආර්ථිකයන්ට ගොඩ ඒමක් මෑතක නම් නොවනු ඇත… ඇමරිකාවේ, යුරෝපයේ පොදු මහජනතාව මෙන්ම අපටද “ඉතිම්” මේ නරි නාටකයේ ප්‍රේක්ෂකයන් වී ආයුධ බිස්නස් කාරයින් ලාභ ලබන හැටිත්, මිනිසුන් මියැදෙන හැටිත් බලා සිටීම හැර වෙන විකල්පයක් නැත…

අහෝ යුක්‍රේනය…. !

(විශේෂඥ වෛද්‍ය මනුජා පෙරේරා )

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්