ආගමික සහ ජාතිකත්ව සම්බන්ධ අන්තවාදී මත පතුරුවන ෆේස්බුක් ගිණුම් පිටු ඉවත් කරයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
ආගමික සහ ජාතිකත්ව සම්බන්ධ අන්තවාදී මත පතුරුවන සහ ලිංගික දර්ශන ඇතුළත් ගිණුම් හඳුනාගනිමින් ඒවා ඉවත් කිරීමට ෆේස්බුක් ආයතනය මේ වනවිට විශේෂ නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකාවද ඇතුළු ලොව පුරා සෑම රටක්ම ආවරණය වන ලෙස මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමටද ෆේස් බුක් ආයතනය කටයුතු යොදා ඇත.

මේ වනවිටත් එය යටතේ ෆේස්බුක් පිටු (Facebook page) 2,632ක් ,ෆේස්බුක් ගිණුම් විශාල සංඛ්‍යාවක් සහ කණ්ඩායම් ගිණුම් (Group) කිහිපයක් ඉවත්කර ඇත ..

එම ගිණුම් අතර ඉරානයේ ගිණුම් 513ක්, රුසියාවට සම්බන්ධ ගිණුම් 1,907 ක් ඉවත් කර බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.