බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය හා උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහචාර්ය තිස්ස විතාරණ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සාමාජිකයන් ලෙස ඔවුන් නම් කිරීම හේතුවෙනි.
මේ අතර වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතාට නාමයෝජනා ලැබී නොමැති බව වාර්තා වේ.
ඔහු ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වන බව පවසමින් මැතිවරණ කාර්යාලයක් පවා ස්ථාපනය කොට ප්‍රසිද්ධියේ ඒ බව ප්‍රකාශ කළේය.
කිසියම් ආණ්ඩුකාරවරයකු මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් සිය ධුරයෙන් ඉවත් වන ලෙස මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කොට තිබුණේ ද එම පසුබිමක තුළයි.