ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහි ගෙන එන විශ්වාසභංග යෝජනාව පිළිබඳව අද (21) පැවැත්වෙන පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී විශේෂයෙන් සාකච්ජාවට ලක්කිරීමට නියමිතය.
මෙම පක්ෂ නායක රැස්වීම අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීරණයේදි පැවැත්විමට නියමිතව ඇත . මේ අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහි ගෙන එන විශ්වාසභංග යෝජනාව අද පස්වරුවේ කතානායකවරයාට ඉදිරිපත් කිරීමට නියමිතය.
අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී ක්‍රමෝපාය සංවර්ධනය පනත යටතේ නියමක් විවාදයට ගැනීමට නියමිතව තිබේ.