ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට සහය දෙනවාද නැද්ද? SLFP තීන්දුව අද

Picture of අසංක

අසංක


ජනතා විමුක්ති පෙරමුණ විසින්ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සම්භන්ධව වන විශේෂ සාකච්ජාවක් අද (10) උදෑසන පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සැලසුම් කර ඇත.

විශ්වාසභංගයට සහය දීම හෝ නොදීම පිළිබඳව මෙම සාකච්ජාවේදී තීරණය කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය .

ජනතා විමුක්ති පෙරමුණ විසින්ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (10) හා හෙට (11) විවාදයට ගැනීමට නියමිතය.

මේ අතර විශ්වාසභංග යෝජනාවට සහය දීමට තම මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බව ඒකාබද්ධ විපක්ෂය දැනටමත් ප්‍රකාශ කර ඇත..

කෙසේ වෙතත් ආණ්ඩුව පවසන්නේ තමන් විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කරන බවයි.