නවතම පුවත්

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය මේ සතියේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරි දින කිහිපය ඇතුලත ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට ආණ්ඩුවේ පක්‍ෂ 11හේ එකමුතුව සැලසුම් කරමින් සිටී .

මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයද හිමිවීමට නියමිත බව දේශපාලනික අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි . ඒ වනුව බොහෝවිට මෙම විශ්වාසභංගය ලබන අඟහරුවාදා දින ඉදිරිපත්කිරීමට දැනට සැලසුම් වී ඇති බවටද තොරතුරු වාර්තාවේ .

වර්තමාන ආණ්ඩුවේ බහුතරය නැතිකර අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට සැලසුම් කරමින් සිටින බව මේ පිළිබඳව අදහස් දක්වමින් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
ආණ්ඩුවේ සරල බහුතරය නැති කිරීමට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් එක් කර ගැනීමට සැලසුම් කරමින් ඇතැයි ද පැවසූ ඔහු වඩාත්ම සුදුසු මොහොතේ රජයට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි ද කියා සිටියේය.
විශ්වාස භංග යෝජනාවෙන් ආණ්ඩුව පරාජයට පත් කිරීමෙන් පසු නැවතත් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන තුරු අන්තර්වාර රජයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව ද හෙතෙම පැවසීය.

එම මැතිවරණයේදී ජනතාවට කැමති රජයක් පිහිටුවා ගැනීමට අවස්ථාව හිමිවන බවද ඔහු සදහන් කලේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්