ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ආණ්ඩුව නියෝජනය කරන තවත් දේශපාලන පක්ෂ කිහිපයක් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ පැවැත්විණ
පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 11ක පක්ෂ නායකයින් අතර එම සාකච්ඡාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී ඊයේ රාත්‍රී පැවති බව වාර්තා වේ.
කෙසේවෙතත් එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිදු සාමාජිකයෙකු සහභාගි වී නොමැති වීම විශේෂත්වයකි.
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ, රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් සමඟ සාකච්ඡාවක නිරත වු බවය.
මෙය වෙනදා මෙන්ම ආණ්ඩුවේ සුළු පක්ෂ 11ක් එක්ව පැවැත්වූ සාමාන්‍ය සාකච්ඡාවක් පමණක් බවත් ඒ මහතා පැවසීය
. කෙසේවෙතත් ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සුළු පක්ෂ කළ ඉල්ලීමක් අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රීලනිපය මීට සහභාගී වූ බවකි.