නවතම පුවත්

මහාරාෂ්ඨ ප්‍රාන්තයේ කොවිඩ් එන්නත් හිඟයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ කොවිඩ් රෝගය වේගයෙන් ව්‍යාප්තවන මහාරාෂ්ඨ ප්‍රාන්තය තුල කොවිඩ් එන්නත් හිඟයක් මතුව ඇති බව වාර්තාවේ .

විශේෂයෙන්ම මුම්බායි නගරයේ රෝහල් රැසකම මේ වනවිට දරුණු කොවිඩ් එන්නත් හිඟයක් මතුව ඇති අතර බොහෝ රෝහල්වල එන්නත් තොග මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති බවටද තොරතුරු වාර්තාවේ .

මේ වනවිට මුම්බායි නගරයේ එන්නත්කරන මධ්‍යස්තාන කිහිපයක්ම එන්නත්කරන කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවද ඉන්දීය මාධ්‍ය සංවිධානයක ප්‍රකාශකයෙකු “ද කලම්බෝ එක්ස්ප්‍රස්” වෙබ් අඩවිය වෙත පැවසීය .

එම මධ්‍යස්තාන කිහිපයක්ම ඊයේ දිනයේදී එන්නත් තොග අවසන් බව පවසමින් , එන්නත්කරන වැඩසටහනට සහභාගිවීමට පැමිණි ජනතාව හරවා යවා ඇති බවද ඔහු සඳහන් කළේය .

ඒ අනුව මහාරාෂ්ඨ ප්‍රාන්තයට කොවිඩ් එන්නත ප්‍රමාණවත් ලෙස ලබාදීමට ඉන්දීය රජය අසමත්ව ඇති බවද ඔහු පැවසීය.

පසුගියදා එම ප්‍රාන්තයට එන්නත් ලක්‍ෂ 85ක් ලැබුණු නමුත් එම ප්‍රාන්තයේ ජනගහනය කෝටි 12කත අධිකය .එසේම එම ප්‍රාන්තයේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව ලක්‍ෂ 5කට ආසන්නය .

May be an image of text that says 'THE VACCINATION PROGRAMME HAS BEEN TEMPORARILY HALTED DUE TO UNAVAILABILITY OF VACCINE STOCK (COVISHIELD) WITH THE GOVERNMENT/BMC WE DO APOLOGIZE FOR THE INCONVENIENCE CAUSED. SPAL M'

මුම්බායි හි කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්තානයක ඊයේ දින ප්‍රදර්ශනය කර තිබු දැන්වීමකි .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්