ආණ්ඩුවේ රැකියා දෙනවා කියා ලක්ෂ ගණන් සල්ලි අරන්

Picture of අසංක

අසංක

සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියා දෙන බව පවසා පුද්ගලයන් ගණනාවකගෙන් රුපියල් ලක්ෂ 4කට ආසන්න මුදලක් වංචා කළ අයකු බදුරලිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ එම වංචාවට හසුවූ පුද්ගලයන් 6 දෙනෙකු විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි.

42 හැවිරිදි සැකකරු බදුරලිය පදිංචිකරුවෙකි.

සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය.