නවතම පුවත්

ආණ්ඩුවේ සුපිරි බලවතා ගැන පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය මැතිසබයට

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

තෙල් මිල වැඩිකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විපක්ෂයේ විශ්වාසභංගය, සමගි ජනබලවේගය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ඊයේ (22) බාරදී තිබේ.

ඉන් අනතුරුව මැතිසබය රැස්වූ අවස්ථාවේ දී තෙල් මිල වැඩිකිරීමේ සිද්ධිය පිටුපස සිටින සුපිරි බලවතකු ගැන විපක්ෂයේ පාර්ලිමේන්තූ මන්ත්‍රී නලින් බණ්ඩාර ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කර සිටියේය.

“මම අහපු ප්‍රශ්නය තමයි තෙල් මිල වැඩිකිරීම සම්බන්ධව කැබිනට් මණ්ඩලය දන්නෙ නැත්නම් ජනාධිපතිතුමා, අගමැතිතුමාට එහා ගිය සුපිරි බලවතා කවුද කියන එක. එතකොට මේ තෙල් මිල වැඩිකිරීමට මෙතුමාලා කටයුතු කළා. පිටිපස්සේ ඉන්න සාගර කාරියවසම් මෙතූමාලගෙ පක්ෂ මහලේකම් කියනවා ඔවුන් ඒකට විරුද්ධයි කියලා. එතකොට කවුද මේ ජනාධිපතිට අගමැතිට එහා ගිය සුපිරි බලවතා? මේක ඇහුමේ මම” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විමසීය.

එහිදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියා සිටියේ “විපක්ෂය විසින් අද ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට අනුව නම් ආණ්ඩුවේ සිටින සුපිරි බලවතා මම වෙමි” යනුවෙන් කියා අසුන් ගත්තේ ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්