නවතම පුවත්

ආණ්ඩුවේ හවුල්කාර  පක්ෂ නියෝජිතයෝ  විමල්ගේ ගෙදර යති  

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

 

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 12 සහභාගීත්වයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතගේ නිල නිවේසේදී ඊයේ (11) රාත්‍රි  රැස්වීමක් පැවැත්විය.

 

ඒ විමල් වීරවංශ මහතා පොදුජන පෙරමුණේ නායකත්වය සම්බන්ධයෙන් කරන ලද මතභේදාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂය තුල මතුවී ඇති අර්බුදකාරි තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට බව වාර්තා වේ.

 

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ දිනයේත් අමාත්‍ය විමල් වීරවංශ මහතා දැඩි දෝෂදර්ශනයට ලක්කළ පසුබිමක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසන්නේ, විමල් වීරවංශ අමාත්‍යවරයා අවතක්සේරු කිරීම කෙලෙහිගුණ නොමැතිකම ප්‍රදර්ශනය කිරීමක් බවය.

 

මේ පිළිබඳ වරින් වර සාකච්ඡා පැවැත්වෙන පසුබිමක අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගෙන් මාධ්‍යවේදින් විමසා සිටියේ මේ හේතුවෙන්   ආණ්ඩුවෙන් ඉවත් වීමට කටයුතු කරන්නේද යන්නයි.

 

“ආණ්ඩුවෙන් අපි ගියොත් ඒක ඉර බටහිරින් පායනවා වගේ වැඩක්නේ. මේ විදියට  රැස්වෙන්නේ ආණ්ඩුව රකින්න. ආණ්ඩුව කඩන්න කුමන්ත්‍රණකාරයෝ ඉන්නවානේ. හතරවටේම කුමන්ත්‍රණකාරයෝ ඉන්නවා. දේශීයව හා අභ්‍යන්තරව හා බාහිරව. “

 

ඒ පොහොට්ටුවේ පසුපෙළ අයද යනුවෙන් ඇසූ  ප්‍රශ්නයට අමාත්‍යවරයා දුන් පිළිතුර වූයේ  “මම එහෙම කිව්වේ නැහැ” යනුවෙනි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි