ආදායම් අතින් ලංකාව තවත් පහළට ශ්‍රේණිගත කරයි

Picture of අසංක

අසංක

 

ලෝක බැංකුව විසින් සිය නවතම වර්ගීකරණයන්ට අනුව ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත හෙලා ඇත .

පසුගිය 2019 වසරේ දළ ජාතික ආදායම පිළිබඳව සලකා බලා මෙම නව වර්ගීකරණය සිදුකර ඇති බව ලෝක බැංකුව සඳහන් කර ඇත

2018 වසරේ දී ඒක පුද්ගල දළ ජාතික ආදායම එක්සත් ජනපද ඩොලර් 4,060 ක් ලබා ඉහළ මැදි අදායම් කාණ්ඩයේ පසු වූ ශ්‍රී ලංකාව 2019 වසර වන විට එක්සත් ජනපද ඩොලර් 4,020 ක් දක්වා පහළ බැස තිබේ.
ඒ හේතුවෙන් ලෝක බැංකුව විසින් සිය නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව පහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස මෙසේ මෙරට වර්ගීකරණය කොට ඇත.