COVID-19 මළ සිරුරු ආදාහනය කිරීම හෝ භූමදාන කිරීම පිළිබඳව සොයාබලා නිර්දේශ සකස් කිරීමට පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදී තිබේ.
එහි සභාපතිනි මහාචාර්ය ජෙනිෆර් පෙරේරා පවසා ඇත්තේ අදාළ වාර්තාව පෙරේදා (28) අමාත්‍යාංශය වෙත බාරදුන් බවයි.
මෙම කමිටුව සාමාජිකයන් 9 දෙනෙකුගෙන් සමන්විත ය.
මුස්ලිම් ප්‍රජාවගේ ඉස්ලාම් ආගමික පදනම මත ඔවුන්ගේ ඉල්ලීම සහ සමාජය තුළ මේ පිළිබඳ මතභේදාත්මක තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් මේ පිළිබඳ නිර්දේශ කිරීම සඳහා මීට පෙරද විශේෂඥ කමිටුවක් පත් කර තිබුණි.
එහි නිර්දේශය වූයේ කොවිඩ් මළ සිරුරු ආදාහනය කළ යුතු බවයි.
කොවිඩ්-19 ආසාදිත මළසිරුරු පැය 24ක් ගතවීමට පෙර ආදාහනය කළ යුතු බවට මීට පෙර ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත.