ආනයනික තිරිඟු පිටි බදු රු.28කින් අඩුවේ

Picture of අසංක

අසංක

ආනයනික තිරිඟු පිටි සඳහා කිලෝග්‍රෑමයකට මෙතෙක් පැවැති රු. 36 ක ඒකාබද්ධ තීරුබද්ද ඉවත් කර ඒ වෙනුවට කිලෝග්‍රෑමයකට රු. 8 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් හඳුන්වා දී තිබේ.

විශේෂ ගැසට් නිවේදනයක් මගින් දෙසැම්බර් මස 14 වන දින සිට මෙම නව විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය පරිභෝජනය සඳහා වන තිරිඟු පිටි අවශ්‍යතාවයට තිරිඟු ඇට ආනයනය කර දේශීය වශයෙන් පිටි බවට පත්කිරීම මෙතෙක් සිදු විය.

පිටි කිලෝග්‍රෑමයක් සඳහා රු. 8 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් නියම කිරීම හේතුවෙන් පිටි ආනයනය කර තරඟකාරී මිලට බෙදාහැරීමට ඕනෑම ව්‍යාපාරිකයකුට අවසරය දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත.