නවතම පුවත්

මහනුවරටත් බහුවිධ මගී ප්‍රවාහන මධ්‍යස්ථානයක්

අසංක

අසංක

මහනුවර නගරයේ දුම්රිය, බස්, පෞද්ගලික වාහන නැවතුම් සියල්ල එක තැනකට ගෙනෙන බහු විධ ප්‍රවාහන පර්යන්ත (KMTT) ව්‍යාපෘතියක් ඉදිකිරීමට රජය පියවර ගෙන තිබේ.

ඊට සමගාමීව මහනුවර නගරය තුල මගී ප්‍රවාහන පහසුකම් සංවර්ධනය කිරීම සම්බන්ධ සාකච්ඡාවක් පසුගිය දා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ මුලිකත්වයෙන් සහ ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ සහභාගීත්වයෙන් මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මහනුවර ඇතිව තිබෙන දැඩි වාහන තදබදයට පිළියමක් ලෙස දුම්රිය, බස් නැවතුම්, පෞද්ගලික වාහන නැවතුම් එක් ස්ථානයකට කේන්ද්‍ර කරමින් ජනතාවට පහසුවක් සැලසීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර ඇත.

මෙම වැඩසටහන ආරම්භයට පෙර ආණ්ඩුකාරවරයා විසින් මහනුවර බෝගම්බර බහුමාදිලි මගී ප්‍රවාහන පර්යන්තයේ නිරීක්ෂණය කිරීමද සිදුවු අතර, ප්‍රවාහන සංකීර්ණය ඉදිකිරීම ඇතුලු කරුණු පිළිබද සොයා බැලීමක් ද සිදු කෙරිණි.

මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන ,ප්‍රවාහන ,විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ඩබ්.එම්.වික්‍රමරත්න මහතා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් උපාලි රණවක මහතා ඇතුලු මහත්ම මහත්මීන් රැසක් ද මෙම අවස්ථාවට එක් විය.     

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්