ආනයනික ලොකු ළූණු සඳහා හෙට (23) සිට උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.
ඒ ආනයනික ලූනු කිලෝග්රෑම් එකක උපරිම සිල්ලර මිල රු. 190ක් ලෙසයි.
ආනයනික ලූනු මිල මෑත අතීතයේ දී අඛණ්ඩව ඉහළ යාම නිසා උපරිම සිල්ලර මිලක් පැනවීමට තීරණය කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.