නවතම පුවත්

ආනයන කිරිපිටි මිල වැඩිකරන්න හංගද්දී දේශීය කිරිවලින් වාර්තාගත ආදායමක්

අසංක

අසංක

කිරි ආශ්‍රිත නිෂ්පාදන අලෙවියෙන් පසුගිය අගෝස්තු මස රුපියල් බිලියන 1.25ක වාර්තාගත ආදායමක් උපයා ඇති බව මිල්කෝ සමාගම පවසයි.

කිරිගොවි බලමණ්ඩල 91 ක් මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බවත් එය ඉදිරියේදී පදනමක් බවට පත් කරන බවත් මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.

එමෙන්ම සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ සහ මිල්කෝ ආයතනයේ ක්ෂේත්‍ර නිලධාරීන් අතර සහයෝගීතාවය වර්ධනය කරවීමේ අවශ්‍ය මූලික ක්‍රමෝපාය පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

කිරි ගොවීන්ට වැඩි වරප්‍රසාද ලබා දීමටත් භුමියේ සක්‍රියව වැඩ කරන කිරි ගොවින් හඳුනා ගැනීමටත් වැඩි පහසුවක් සිදුවන බව ඒ මහතා පෙන්වා දුන්නේය.
දැනට සිදු කරන දෛනික කිරි එකතු කිරීමේ ප්‍රමාණය ඉදිරියේදී දෙගුණයක් කිරීමට කඩිනමින් ගත හැකි ක්‍රමෝපායන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරණි.

මිල්කෝ ආයතනයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි අභියෝග සඳහා අනුගමනය කළ යුතු විධිමත් ක්‍රියාමාර්ග පිළිබඳව පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී. බී හේරත් මහතා සහ මිල්කෝ ආයතනයේ සභාපතිතුමා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර පැවති විශේෂ සාකච්ඡාවේදී මේ බව අනාවරණය විය.

අමාත්‍යංශ ලේකම් එස්. සේනානායක මහතා , අමාත්‍යංශ අතිරේක ලේකම් (පාලන) මේනකා පී අබේරත්න මහත්මිය, අතිරේක ලේකම් (පශු සම්පත්) එල්.ඩබ්.එන් සමරනායක , අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඇතුලු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්