නවතම පුවත්

ආයුර්වේද වෛද්‍යවරු, බටහිර කොවිඩ් එන්නත ඉල්ලයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රට පුරා සිටින ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා කොරෝනා එන්නත ලබා ගැනීමට සෞඛ්‍ය සේවා ජනරාල් අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන් ලිඛිතව ඉල්ලීම් කළ බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර සිටී .

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආයුර්වේද වෛද්‍ය ඉන්දික නුවන් මහතා සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් බලධාරීන් ආයුර්වේද වෛද්‍යවරුන්ට එන්නත ලබාදීම හිතාමතා ප්‍රමාද කරන බවට තොරතුරු ලැබී ඇති බවය

එන්නත ලබා ගැනීමට වුවමනා නම් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අදාල ආයුර්වේද රෝහල් සිදුවීම් කළ යුතු බවද පවසන ඔහු එසේ කිරීමෙන් අනතුරුව නාවින්න රෝහලේ කාර්ය මණ්ඩලයට එන්නත් ලබා දිම පසුගිය දිනවල සිදු කර ඇති බවත් ඔහු පැවසීය.

ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල සියලු දෙනාටම හා ඔවුන්ගේ පවුල්වල අයට කොරෝනා මර්ධන එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වහාම කටයුතු කළ යුතු බවද එම සංගමය අවධාරණය කර සිටී.

ආයුර්වේද වෛද්‍යවරුන් කොරෝනා වෛරසය ආයුර්වේදයෙන් සුව කල හැකි යයි ප‍්‍රසිද්ධියේම පවසමින් සිටියදී මෙසේ එන්නත් ඉල්ලා සිටීම විශේෂත්වයකි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්