නවතම පුවත්

ආයුර්වේද සංස්ථාවේ යාපනේ නිලධාරියෙක් කෝටියක වංචාවක

අසංක

අසංක

රුපියල් කෝටියකට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ආයුර්වේද සංස්ථාවේ යාපනය අලෙවි මධ්‍යස්ථානය භාර නිලධාරියාව
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගත්තේය.

ආයුර්වේද නිෂ්පාදන අලෙවි කිරීමේදී බිල්පත් වෙනස්කර රජයට ලැබිය යුතු මුදල් වංචා සහගතව තමා සතුකරගනිමින් මෙම නිලධාරියා වංචාවේ නිරතව සිට ඇත.

කාලයක් තිස්සේ කළ මෙම වංචාව සම්බන්ධයෙන් ආයුර්වේද සංස්ථාවෙන් ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණීජ අපරාධ විමර්ශණ අංශය විසින් කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව යාපනය අලෙවි මධ්‍යස්ථානය භාර නිලධාරියාව අත්අඩංගුවට ගත් බවද එම නිලධාරියා පැවසීය.

කෝපායි රාසා වීදියේ පදිංචිකරුවෙක් වන එම්.කේ. බ්‍රර්ටන් ලෙනාඩ් (36) නැමැති මෙම අලෙවි මධ්‍යස්ථානයභාර නිලධාරියා රුපියල් එක්කෝටි තුන්ලක්ෂ විසිනමදහස් හාරසිය අසූවක මුදලක් බිල්පත් වෙනස්කරමින් වංචාකර ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු විසින් කළ විමර්ශනයේදී පෙනී ගොස් ඇත.

බිල්පත් වෙනස් කිරීමෙන් විශ්වාසය කඩකර ඇති බැවින් ඒ සම්බන්දයෙන් සහ රාජ්‍ය මුදල් වංචා කිරීම යන චෝදනා මෙම සැකකරුට එරෙහිව එල්ල වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්