නවතම පුවත්

ආයූර්වේදය සම්බන්ධයේ රජයේ විශේෂ අවධානයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ආයූර්වේදය සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානයක් යොමුව තිබෙන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. අනුරාධපුර ආදිත්‍යා ආයුර්වේද කේන්ද්‍රය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.

“බටහිරෙන් බලපෑම් පැමිණෙන්න පෙර මේ රටේ පන්සල ආශ්‍රිතව වෙදකම පැවතුනා. අනුරාධපුරයේ පුරා වස්තු දෙස බැලීමේදී අපිට මොන තරම් දියුණු ආයුර්වේද ක‍්‍රමයක් පැවතුණාද කියලා පේනවා. කාලයක් පාරම්පරිකව ආයුර්වේදය කර ගෙන ආවා.

ආයුර්වේදය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයෙක් පත්කලේ මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරිමටයි. ආයුර්වේදය සම්බන්ධයෙන් පර්යේෂණායනතයක් තිබුණත් එහි සාර්ථකත්වය ගැන කියන්න බැහැ. එයින් මොන තරම් පරික්ෂණ කෙරෙනවාද කියන්න දන්නේ නැති නිසා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්නයි ඇමැතිවරයාට සහ නිලධාරින්ට පවසා තිබෙනවා.

අපේ සෑම පැලැටියක්ම ආයුර්වේද පැලෑටියක්. ජනතාවට සහ ලෝකයාට ඒ දෙවල්වලින් ප‍්‍රයෝජනයක් ඇති වෙන විදියට කටයුතු කළ යුතු කාලයක්.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්