ආයෙමත් තෙල් හිඟයක් එනවාද ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඛනිජ තෙල් සංස්ථාවෙන් ඩීසල් සහ පෙට්‍රල් යන ඉන්ධන වර්ග දෙකේම තොග නොලැබෙන බවත් ඒ හේතුවෙන් රට පුරා නැවතත් ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බවත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතා අද (25) පැවසීය.

ඉන්ධන නොමැතිවිම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් රැසක් වසා ඇති බවත් මෙම තත්ව හමුවේ පිරවුම්හල් අසළ නැවතත් තරමක් දිගු පෝලිම් නිර්මාණය වී ඇති බවත් ශාන්ත සිල්වා මහතා කීය.