නවතම පුවත්

ආරක්ෂක මණ්ඩලය භාගෙට නතර කරලා ජනාධිපති දකුණට එයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දුයිෂෙන් පරපුරක අභිසෙස් මංගල්‍ය ’’ යන තේමාව යටතේ දකුණු පළාතේ උපාධිධාරි ගුරු පත්විම් ලබා දිම සඳහා ඊයේ  (27)  මාතර , වැලිගම නගර ශාලාවේ  පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ තමන් මෙම උත්සවයට පැමිණියේ ආරක්ෂක මණ්ඩල රැස්වීම බාගෙකට නවතා බවයි

එහිදි අදහස් පළකල ජනාධිපතිවරයා,

‘‘ මම ඊයෙත් මේ  වෙලාවට හිටියේ මාතර දිස්ති‍්‍රකයේ , ඒ රුහුණු විශ්ව විද්‍යාලයේ පවත්වපු විශ්ව විද්‍යාල කි‍්‍රඩා උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගි වුනා . ලංකාවෙම විශ්ව විද්‍යාලවල දරුවෝ ඇවිත් හිටියා , පළවෙනි වතාවට තමයි ජනාධිපති විදියට විශ්ව විද්‍යාලය ඇතුලට ගිහින් කතාවකුත් කරන්න ලැබුනේ . සාමාන්‍යයෙන් යන්න දෙන්නෙ නැනේ , අද මේ  පත්විම් ගන්න ආපු අය ශිෂ්‍යයන් විදියට හිටපු කාලේ . අද දකුණු පළාතේ උපාධිධාරි දරුවෝ විදියට ඔබ රටේ  අනාගතයත් , දරුවන්ගේ අනාගතයත් භාර ගන්න දවස .

 මම මේ  උත්සවයට ආවේ  ඇයි? . රජයෙන් පත්විම්  දෙනකොට ජනාධිපති එන්න ඕනද?  මම හිතන්නෙ එන්න ඕන  නැහැ . එහෙනම්  ඇයි මම ආවේ . ජනාධිපති විදියට ආවේ  තරුණ උගත් ඔබට තියෙන ගෞරවය නිසයි . මේ  රටේ  සංවර්ධනයට , මේ  රටේ  දියුණුවට තියෙන බාධාවන් රාශියක් ඔබ දන්නවා . අද මේ  රටේ  උගතුන් බොහෝ දේවල් දේශපාලනඥයන්ට භාර දිලා තියෙනවා . නමුත් උගත් ඔබට මොන තරම්  දේ කළ හැකිද? මොනතරම්  වගකිම්  දරන්න පුළුවන්ද? ඒ දක්ෂතාවය , කුසලතාවය , අධිෂ්ඨානය , ගරුත්වය හැමදේම ඔබට තියෙනවා කියන එකයි මගේ විස්වාසය . ඒ වගේම රාජ්‍ය සේවයේ තුල විවිධ සේවාවන් ගත්තම උතුම්ම වෘත්තිය ලෙස ගුරු වෘත්තිය හඳුන්වන්න පුළුවන් . මිනිසා සත්වයෙක් නොවි මිනිසෙක් බවට පත් කරන්නේ ඔබයි , ගුරුවරු නොමැතිනම්  මිනිස්සු ඔක්කොම සත්තු , තිරිසන් ගතිපැවතුම්  වලින් මනස දියුණු කරන්නේ ගුරුවරයා.

අද මේ  උත්සවයේ හවස 2 වැටුනේ කොහොමද කියලා මම දන්නෙ නැහැ . මම දුන්නෙ හවස 3 .  නමුත් මේ  වැඩසටහනේ තියෙන්නෙ හවස 2 කියලා දාලා . ඉතින් මම ජාතික ආරක්ෂක මණ්ඩලයේ වැඩසටහන භාගෙට නතර කරලා , ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ සාකචිජාවත් භාගෙට නතර කරලා ඉක්මනට මෙතනට ආවා , ඇවිත් බලනකොට වැඩසටහනේ දාලා තියෙන්නේ 2 ට පටන් ගන්නවා කියලා . ලේකම්තුමා , අධ්‍යක්ෂකතුමා තරහා වෙන්න එපා මෙහෙම කිව්වට.  මම හිතුවා මම එන්න කලින් හොඳ  දේශනයක් ඇති කියලා අලූත් පත්විම්  ලබපු අයට .  එහෙම තිබුන නම්  කොච්චර හොදද? මම හිතන්නෙ ඒ වැඩේ  කාටත් අමතක වෙන්න ඇති . ඔබට මතකද බාල කාලයේ ඔබේ  ගුරුවරු පාසලේ වැඩ කරනකොට සමහර දරුවන්ට වැඩිපුර සැලකුවා.

සමහර දරුවන්ව නොසලකා හැරියා . සමහර ගුරුවරු වත්පොහොසත්කම අනුව සැලකුවා . පංතියේ දරුවෝ 40 ක් ඉන්නවනම්  ඒ 40 දෙනාටම ඔබ අවධානය යොමු කරන්න ඕන .  දරුවන්ගේ සිත් දිනාගන්න එක තමයි අමාරුම වැඩේ  ඒක හරියට දේශපාලනඥයෙක් ජනතාවගේ සිත් දිනාගන්නව වගේ අමාරු වැඩක් . මෙතන ඇති විවාහක, අවිවාහක අය නමුත් අද ඉදන් ඔබ මවක් සහ පියෙක් වෙනවා . ජනාධිපතිවරයා විදියට බඩගින්න මම හොඳට අදුරනවා . වතුර නැති කාලේ අපේ තාත්තයි මමයි කුඹුරට ගිහින් වෙල් යාය දිහා බලලා එනකොට තාත්තගේ ඇස්වලින් කදුළු  එන්නෙ ඇයි කියලා මම දන්නවා. අපිට කන්න දෙන්නෙ මොනවද කියලා . එහෙම තමයි තාත්තලා . අපි හැමකෙනෙක්ම ජිවිතයේ ලැබෙන අත්දැකිමි එක්ක ජිවිතය තේරුම්  ගන්න ඕන ’’ යැයි ජනාධිපතිවරයා වැඩිරටත් පැවසිය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්