ආරක්ෂක ලේකම් අස්වෙයි ! – පත්කරන්න කෙනෙක් නෑ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රමේෂ් වරල්ලෙගම – පැතුම් වික්‍රමරත්න

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද සවස හයෙන් පසුව  තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබා සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපතිවරයා ඊයේ දිනයේ ආරක්ෂක ලේකම්වරයාට සිය ධුරයෙන් ඉවත්වන්නැයි දන්වා තිබිණි. නමුත් අද සවස 5.30 ආරක්ෂක අමාත්‍යංශයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකටද අත්සන් තබා තිබු ආරක්ෂක ලේකම්වරයා පසුව තමන් තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපියටද අත්සන් තබා කාර්යාලයෙන් ඉවත්ව ගොස් ඇත.

ඒ අනුව ආරක්ෂක ලේකම් කාර්යාලයේ තිබු තමන්ගේ බඩු භාහිරාධිය සහ ලිපි ලේඛනද ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් ඉවත්කරගෙන තිබේ.

ආරක්ෂක ලේකම්වරයා මෙසේ ඉවත්වු බවට මාධ්‍යට කරුණු වාර්තා වුවද ජනාධිපති මාධ්‍ය අංශය හෝ වෙනත් වගකිවයුතු ආයතනයක් එම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් නොකළේය.

මේ අතර ආරක්ෂක අමාත්‍යංශයේ ආරංචි මාර්ග සදහන් කරන්නේ ආරක්ෂක ලේකම්වරයා මෙලෙස ඉල්ලා අස්වු පසු එම තනතුර භාර ගැනීම සදහා අලුතෙන් නිලධාරියෙකු සෙවීමේ අර්බුධයක් උත්සන්න වී ඇති බවයි.

අදාල ඉල්ලා අස්වීම නිල වශයෙන් සිදුවී ඇත්නම් ජනාධිපතිවරයා එය අනුමත කර තිබේ නම් මේ  මෙහොතේ පටන්ම ආරක්ෂක ලේකම්වරයකු පත්කිරීමට හැකියාව නොලැබීම තවත් ගැටලුකාරි තත්ත්වයකි.

හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක හෝ හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මෙම තනතුරට පත්වනු ඇතැයි මීට පෙර වාර්තා පළ වුවද මේ දක්වා ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ එම තනතුර භාරගන්නා බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැත. .