නවතම පුවත්

ආර්ථික අර්බුදයෙන් ක්ෂුද්‍ර -කුඩා -මධ්‍ය ව්‍යාපාර 20%ක් වැසීගිහින්

අසංක

අසංක

(රමේෂ් වරල්ලෙගම)

2023 වසරේ මැදභාගය වනවිට මෙරට ක්ෂුද්‍ර ,කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 20.2%ක් ස්ථිරව හෝ තාවකාලිකව වසාදමා ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

2018 වසර අවසානයේ මෙරට සක්‍රීයව පැවති මිලියන 1.3 ක් වූ ක්ෂුද්‍ර ,කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන සංඛ්‍යාවෙන් මෙම සංඛ්‍යාව වැසී ගොස් ඇති බවට අනාවරණය වී ඇත්තේ එම දෙපාර්තමේන්තුව විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව ය.

2023 මැයි වනවිට මෙරට තුළ සක්‍රීයව පැවතී ඇත්තේ 2018 වසර අග දී පැවති මිලියන 1.3 ක් වූ ක්ෂුද්‍ර , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන සංඛ්‍යාවෙන් 79.8% ක් පමණි.

මෙලෙස තාවකාලිකව හෝ ස්ථිරව වැසී ඇති ව්‍යාපාරවලින් වැඩිමනත් තොරතුරු ලබාගැනීම අසීරු කටයුත්තක් වුව ද, සමීක්ෂණයේදී ඒවා වසා දමන ලද වසර පිළිබඳව විමසා ඇත.

මෙරය ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කෙරෙහි කෝවිඩ්-19 වසංගතය සහ ආර්ථික අර්බුදයේ බලපෑම මැනබැලීම සඳහා ආයතන මට්ටමේ සමීක්ෂණයක් 2023 මාර්තු සිට ජූනි මස දක්වා ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලදී.

මෙම සමීක්ෂණය මගින්, ක්ෂුද්‍ර , කුඩා හා මධ්‍ය පරිමාණයේ කෘෂිකාර්මික නොවන ආර්ථික කටයුතු සිදුකරනු ලබන ව්‍යාපාර ස්ථාන ආවරණය කරන ලදී.

ඊට කර්මාන්ත, වෙළඳ හා සේවා යන සියලුම අංශ ඇතුළත් බව ද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

සාපේක්ෂව අඩු ස්ථාවරත්වයක් දක්වන ක්ෂුද්‍ර පරිමාණයේ ආයතන වැසීයාම වසංගත හෝ ආර්ථික අර්බුද වැනි සාධක මත පමණක් සිදු නොවන බව 2019 වසර තුළ වැසීගිය 9.9% ක ප්‍රමාණයෙන් පෙන්නුම් කෙරේ. නමුත් කෝවිඩ් වසංගතයත්, ආර්ථික අර්බුදයත් නිසා සමස්ත ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර තාවකාලිකව හෝ ස්ථිරව වැසීයාම සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

කුඩා පරිමාණ ව්‍යාපාර ප්‍රමාණයේ අඩුවීම 2019 දී දහස් 82.1 සිට 2020 දී දහස් 48.4 දක්වා වී ඇති අතර මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංඛ්‍යාව, 2019 දී දහස් 12.2 සිට 2020 දී දහස් 6.1 දක්වා සියයට 50 කින් පසුබැස ඇත. කුඩා පරිමාණ අංශයේ ව්‍යාපාර ප්‍රමාණය 2021 වසරේදී දහස් 58.3 දක්වා සුළු වැඩිවීමක් ද, 2022 වසර වන විට දහස් 80.8 දක්වා වැඩිවීමක් ද පෙන්නුම් කර ඇත. මෙවැනිම රටාවක් මධ්‍ය පරිමාණ අංශයේත් නිරීක්ෂණය වන අතර ප්‍රමාණාත්මකව එය 2021 වසරේදී දහස් 6.2 සහ 2022 වසරේදී දහස් 7.5 වශයෙන් විය. කෙසේවෙතත් මෙම වර්ධනය 2018 වසරේ පැවති මට්ටමට ළගා වීමට තරම් ප්‍රමාණවත් නොවේ.


ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර වල සැලකිය යුතු වැඩි වීමක් 2018 සිට 2020 දක්වා නිරීක්ෂණය විය. ව්‍යාපාරයක පරිමාණය එනම් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණද යන වග තීරණය කිරීමේදී එම ව්‍යාපාරය සතු සේවා නියුක්තිකයන්ගේ සංඛ්‍යාව තීරණාත්මක සාධකයකි. කෝවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සේවකයින් අඩුකිරීම හේතුවෙන් ඇතැම් ව්‍යාපාර වල පරිමාණය ක්ෂුද්‍ර පරිමාණය දක්වා පහළ බැස ඇත. 2018 වසරට සාපේක්ෂව 2020 සිට 2022 දක්වා 2018 ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර වල සැළකිය යුතු වර්ධනයට උක්ත හේතුව ද ප්‍රබල සාධකයක් වී ඇත.

2018 වසරේ පැවති මට්ටමට සාපේක්ෂව, 2018 සිට 2022 දක්වා ව්‍යාපාර සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස වෙනස් වී ඇති ආකාරය පහත ප්‍රස්තාර අංක 1න් දැක්වේ.

වර්ෂ 2018 සිට 2020 දක්වා ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර වල ශ්‍රම බලකාය දහස් 1,637.8 ක සිට දහස් 1,686.7 දක්වා වැඩි වී ඇත. එම සංඛ්‍යාව 2020 ට සාපේක්ෂව 2021 වසරේදී දහස් 1,644.7 දක්වා මදක් අඩු වූ අතර 2022 වන විට නැවතත් දහස් 1,673.3 දක්වා වර්ධනය වී ඇත.

ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර වල සේවා නියුක්තිය වැඩිවීම කෙරෙහි ව්‍යාපාර පරිමාණයේ මාරුවීම් වැඩි දායකත්වයක් දක්වා ඇති බව මෙම ප්‍රතිඵල වලින් පැහැදිලි වේ.

කෙසේ වෙතත්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වඩා වැඩි අභියෝගවලට මුහුණ දී ඇත. කුඩා පරිමාණ ව්‍යාපාර සළකන විට, 2018 දී එම අංශයේ සේවා නියුක්තිකයින් සංඛයාව දහස් 673.3 ක සිට 2020 දී දහස් 414.6 දක්වා පහත වැටී ඇත. ඒ හා සමානවම, වර්ෂ 2018 දී මධ්‍ය පරිමාණ අංශයේ ව්‍යාපාර වල ශ්‍රමිකයන් දහස් 485.5 ක ප්‍රමාණයක් රැකියා වල නියුක්තව සිටි අතර එම සංඛ්‍යාව 2020 දී දහස් 262.4 දක්වා පසුබැසීමකට ලක්ව ඇත.
2020 න් පසු අංශ දෙකෙහිම සුළු ප්‍රගතියක් දක්නට ලැබුණු නමුත් වසංගත හා ආර්ථික අර්බුදයේ බලපෑම හමුවේ 2022 අවසාන වන තුරුත් 2018 වසරේ පැවති මට්ටමට ළගා වී නොමැත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්