ශ්‍රී ලංකාවේ වැඩ බලන සෞදි අරාබි තානාපති ගරු අබ්දුල්ලා ඔර්කෝබී මැතිතුමා සහ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මැතිතුමා අතර අතර හමුවක් අද දින පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විණ. මෙම හමුව අතරතුර තානාපති තුමා සහ අමාත්‍යවරයා අතර රටට වැදගත් කරුණු රාශියක් සාකච්ඡා විය. රටවල් දෙකට බලපාන කාලගුණ විපර්යාසයන් වගේම පරිසර පද්ධතිය තුළ ඇති ජෛව විවිධත්වයන් පිළිබඳ සාකච්ඡා විය. මේ අතර ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදය නිරාකරණය කරගැනීම සඳහා සවුදි අරාබි රජයේ සහාය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලීය. විශේෂයෙන්ම බොරතෙල් අඛන්ඩව සැපයීම පිළිබඳව රජයන් අතර අන්‍යෝන්‍ය එකගතාවයන් පිළිබඳවද සාකච්ඡා විය. ඉදිරියේදී සවුදි අරාබි රජයේ නායකයන් සමග සාකච්ඡා කිරීමට තමන් කැමැත්තෙන් සිටින බව ද අමාත්‍යවරයා පැවසීය. මෙම වසරේ හජ් වන්දනා ගමන පිළිබඳව ද අදහස් හුවමාරු විය. මෙම අවස්ථාවට නසීර් අහමඩ් අමාත්‍යවරයාගේ උපදේශක, හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහ හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී ටී. ඉසෙඩ්. ඒ. සම්සුදීන් මහතාද එක්වි.