ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආරුගම්බේ සංචාරක ස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වන බවට විශ්වාසනීය තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.

ඒ හේතුවෙන් තානාපති කාර්යාලයේ නිලධාරීන්ට නැවත දැනුම් දෙන තුරු ආරුගම්බේ වෙත යාමට අමෙරිකානු තානාපති කාර්යාලය විසින් ගමන් තහනමක් පනවා ඇත.

ආරුගම්බේ ප්‍රදේශයට යාමෙන් වළකින ලෙස එක්සත් ජනපද පුරවැසියන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටින බව නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කර ඇත.