නවතම පුවත්

ආලෝකයේ මංගල්‍යයේදී සිත් සැනසේවා!!

අසංක

අසංක

ආලෝකයේ මංගල්‍යය සමරන සැමට ඉන් අපේක්ෂිත සතුට මානසික සහනය සැලසේවායි දීපාවලී සැමරුම වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රාර්ථනා කර සිටියි.

දීපාවලි පණිවිඩය

ලොව පුරා හින්දු බැතිමත්හු දීපාවලි දින පහන් දල්වමින් අවිද්‍යාවේ අන්ධකාරය පරදා ප්‍රඥාවේ ආලෝකය අපේක්ෂාවෙන් පුද පූජාවන්හි නිරත වෙති.

සියලු දනන් සිත් සතන් ආලෝකමත් වේවා යන ප්‍රාර්ථනය ගැබ් කර ගත් දීපාවලි දිනය එකිනෙකා වෙත හෘදයාංගම ශුභාශීංසන පිරිනමමින් සෙනෙහස හා දයාව බෙදා හදා ගන්නා සංස්කෘතික උළෙලක් ලෙස ද වැදගත්කමක් උසුලයි. ඒ අරුතෙන් ගත් කල සහෝදරත්වයේ අපේක්ෂා පෙරදැරිව වාර්ගික හා ආගමික සංහිඳියාවත්, අන්‍යෝන්‍ය අවබෝධයත් වර්ධනය කරනු වස් මෙවන් සංස්කෘතික අංග මනා පිටිවහලක් වන බව මගේ හැඟීමයි.

සමස්ත ලෝකයම කොරෝනා වසංගතය නිසා උද්ගත දැවැන්ත අර්බුද රැසකට මුහුණ දී සිටින මේ මොහොතේ ආගමික වතාවත්හි නිරත වීම මිනිස් හදවත්වලට සැනසිල්ලකි. දීපාවලි සමයේ ඒ
සැනසීම වෙනුවෙන් අපේ රටේත් ලෝකයේත් සියලු හින්දු බැතිමතුන් ඒකාත්මිකව දෙවියන් වෙනුවෙන් කැපවනු ඇතැයි මම විශ්වාස කරමි. එය අප අරමුණු කරගත් යහපත් සමාජයක්, සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් ගොඩ නැගීමට ආශිර්වාදයක් වනු ඇතැයි මම සිතමි.

මේ ආලෝකයේ මංගල්‍යය සමරන සැමට ඉන් අපේක්ෂිත සතුට මානසික සහනය සැලසේවා යි ප්‍රාර්ථනා කරමි.

ගෝඨාභය රාජපක්ෂ
2020 නොවැම්බර් මස 14 වන දින

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්