නවතම පුවත්

ආසියානු ක්‍රීඩා උළෙලේදී ලක්මව රනින් සැරසූ තරුෂිට ජනපතිගෙන් සුබපැතුම්

අසංක

අසංක

ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ තරුෂි කරුණාරත්න ශිෂ්‍යාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් සුබපැතුම් පිරිනැමීය.

අද (05) පෙරවරුවේ දුරකථන මාර්ගය ඔස්සේ එම සිසුවිය සම්බන්ධ කර ගත් ජනාධිපතිවරයා ඇයගේ දක්ෂතා ඇගයීමට ලක් කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇය ජාත්‍යන්තරයේ දී අත්කරගත් සුවිශේෂී ජයග්‍රහණය මෙම අවස්ථාවේ රටට මහත් ආඩම්බරයක් බව පැවසූ ජනාධිපතිවරයා ඇයගේ ඉදිරි ක්‍රීඩා කටයුතු වෙනුවෙන් සිය ආශිර්වාදය ද පළ කළේය.

එසේම තරුෂි කරුණාරත්න සිසුවිය දිවයිනට පැමිණි පසුව ඇය හමුවීමට අපේක්ෂා කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය.

චීනයේ හංග්ෂුහිදී මේ වනවිට පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව්වලින් ශ්‍රී ලංකාව ඊයේ දිනයේදී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනාගෙන තිබේ.

වසර 21 කට පසුව මළල ක්‍රීඩා ඉසව්වකින් රන් පදක්කමක් දිනාගනිමින්, ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා අවසන් තරගයේදී රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සමත් වී තිබේ.එහිදී ඇය දැක්වූ දක්ෂතාව 02.03.20 ක් ලෙස සටහන් වේ.

මේ අතර මීටර් 400×4 කාන්තා සහය දිවීමේ ඉසව්ව සඳහා ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව වාර්තා කරමින් එම ඉසව්වේ අවසන් තරගයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එහිදී ඔවුන් දැක්වූ දක්ෂතාව 03.30.88 ක් ලෙස සටහන් විය.

මේ අතර ආසියානු තරඟාවලියේ මීටර් 400×4 පිරිමි සහය දිවීමේ ඉසව්වේ අවසන් තරගයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ.එහිදී ඔවුන් දැක්වූ දක්ෂතාව 03.02.55 කි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්