නවතම පුවත්

ආසියාවේ දෙවන විශාලතම ආර්ථිකය ඉන්දියාව වන බවට අනාවැකියක්

අසංක

අසංක

2030 වසර වන විට ඉන්දියාව ආසියාවේ දෙවන විශාලතම ආර්ථිකය බවට පත් වනු ඇති බවට පුරෝකථනය කර තිබේ.

ඒ අනුව ඉන්දියාව, ඒ වනවිට ජපානය සහ ජර්මනිය අභිබවා යනු ඇති බව S&P Global Market Intelligence සිය නවතම වාර්තාව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇත.

දැනට ලෝකයේ 5 වන විශාලතම ආර්ථිකය ඉන්දියාවට හිමිව තිබේ.

2030 වසර වන විට ලොව 3 වන විශාලතම ආර්ථිකය බවට පත් වනු ඇති බව ද ඔවුන් සඳහන් කර ඇත.

ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය 2030 වසර වන විට අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 7.3 ක දක්වා වර්ධනය වනු ඇති බව සඳහන්වේ.

එමෙන්ම 2021 සහ 2022 වසර දෙකක වේගවත් ආර්ථික වර්ධනයකින් පසුව, ඉන්දියානු ආර්ථිකය 2023 වර්ෂය තුළ තිරසාර ශක්තිමත් වර්ධනයක් ද පෙන්නුම් කර ඇත.

ඉන්දියානු දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රමාණය දැනටමත් එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ දළ දේශීය නිෂ්පාදිතයට වඩා විශාල වී ඇත.

2030 වන විට ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය ජර්මනිය අභිබවා යනු ඇති බවට පුරෝකථනය කර ඇත.

දැනට සිදුවෙමින් පවතින ඉන්දියාවේ ඩිජිටල් පරිවර්තනය ඊ-වාණිජ්‍යයේ වර්ධනය වේගවත් කරනු ඇතැයි අපේක්ෂා කරන අතර ඉදිරි දශකය තුළ තාක්‍ෂණය සහ ඊ-වාණිජ්‍යය පිළිබඳ ප්‍රමුඛ ගෝලීය බහුජාතික සමාගම් ඉන්දියානු වෙළඳපොළට ආකර්ෂණය කර ගැනීමද සිදුවනු ඇත.

භාරතය ලෝකයේ විශාලතම ආර්ථිකයන් 3 අතරට පත් වනු ඇති බවට ඉන්දීය අගමැති මෝදි පසුගිය මාසයේදී උත්සවයක් අමතමින් සහතික විය.

S&P Global Market Intelligence ට අනුව, ඉන්දියාව ඉදිරි දශකය තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් ලෙස දිගටම පවතිනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්